ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය

January 8, 2015

2015 ජනාධිපතිවරණ‍යේ ඡන්ද විමසීමේ කටයුතු අද (08) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා මධ්‍යස්ථාන 12314ක් තුළ දී පැවැත්වු අතර දිස්ත්‍රික් මට්ටමින් 60%කට වැඩි ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශය කොට ඇත.

ඒ අනුව,

 

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයන් 1, 586, 598ක්  ලියාපදිංචි වී සිටි අතර ඒ අතුරින්  75%ක ප්‍රමාණයක් ද,  ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 1, 637, 537ක් අතුරින් 70%ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 897, 349ක් අතුරින් 70% ක පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කොට ඇත.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයන් 1,049,160ක් ලියාපදිංචි වී සිටි අතර ඒ අතුරින් 76% ක ප්‍රමාණයක් ද, මාතලේ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 379,675ක් අතුරින් 73%ක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 534,150ක් අතුරින් 80%ක පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කොට ඇත.

 

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයන් 819,666ක් ලියාපදිංචි වී සිටි අතර ඒ අතුරින් 79%ක ප්‍රමාණයක් ද,  මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 623,818ක් අතුරින් 76% ක් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 462,911ක් අතුරින් 70% ක පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කොට ඇත.

 

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයන් 529, 239ක් ලියාපදිංචි වී සිටි අතර ඒ අතුරින් 65% ක ප්‍රමාණයක් ද, වන්නි දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 253,058ක් අතුරින් 70%ක පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කොට ඇත.

 

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයන් 256,852ක් අතුරින් 72%ක් ද, මඩකළපුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 365,167ක් අතුරින්  60%ක් ද,  දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 465,757ක් අතුරින් 70% ක පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කොට ඇත.

 

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයන් 1,266,443ක් අතරින් 77%ක පිරිසක් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 553,009ක් අතුරින් 71%ක පිරිසක්  සිය ඡන්දය ප්‍රකාශ කොට ඇත.

 

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයන් 636, 733ක් අතුරින් 76%ක පිරිසක් ද,  පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 307,125ක් අතුරින් 80%ක පිරිසක්  සිය ඡන්දය ප්‍රකාශ කොට ඇත.

 

ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 339,797ක් අතුරින් 75%ක පිරිසක් හා බදුල්ල දිස්ත්‍රික්කයේ 620,486ක් අතුරින් 61%ක් ද ඡන්දය ප්‍රකාශ කොට තිබේ.

 

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන්  649,878ක් අතරින්70%ත් 75%ත් අතර පිරිසක් මෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ 810, 082ක පිරිසක් අතුරින් 84%ක් ද ඡන්දය ප්‍රකාශ කොට ඇත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p