ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජාතික කාන්තාවන් සිය අනන්‍යතාව තහවුරු කළ යුතුයි

January 6, 2015

2015 ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජාතික කාන්තාවන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර මුහුණු ආවරණ ඉවත් කොට තම අනන්‍යතාව තහවුරු කළ යුතු යැයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරිවල නියුතු වී සිටින කාන්තා නිලධාරිනියක් වෙත මුහුණු ආවරණය ඉවත් කොට සිය අනන්‍යතාව තහවුරු කළ යුතු අතර ඡන්දය භාවිත කිරීම සඳහා පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p