“රට වටලෑම” – තියරියෙන් හැප්පෙමු

January 2, 2015

“රට වටලෑම” යන මැයෙන් ප්‍රවීන සමාජ විශ්ලේෂකයෙකු මෙන්ම ප්‍රවීණ සාහිත්‍යධරයෙකු වන කුමාර ලියනගේ මහතා විසින් රචිත නව ග්‍රන්ථය සමාජගත කිරීම අද (ජන 02) සවස තුනට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුවේ.

මෙහි ප්‍රධාන දේශනය ආචාර්‍ය නලින්ද සිල්වා මහතා විසින් සිදුකරනු ඇත.

ඇමරිකානු නව ලිබරල් අධිරාජ්‍යවාදයේ හැසිරීම ,ආසියානු නව සියවස සහ එහි අපගේ භූමිකාව , කොටි සංවිධානය සහ යුධ ජයග්‍රහණය , ඉන්දිනානු මුහුදු දේශපාලනය සහ කලාපීය සහයෝගීතාවය මෙන්ම අතිශය කාලීන වැදගත්කමකින් යුත් කුමන්ත්‍රණකාරී දේශපාලනය ගැන මේ ග්‍රන්ථය හරහා ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර තිබේ.

මේ අවස්ථාවට සහභාගි විය හැකි සියලු දෙනාට ඒ සඳහා ආරාධනා කරන බව සංවිධායකයින් ආරාධනා කරයි.

-යටියන ප්‍රදීප් කුමාර

Sammy

Previous story Next story

Leave a comment

t

o

p