උතුරු දුම්රිය මාර්ගය කන්කසන්තුරේ දක්වා

January 2, 2015

උතුරු දුම්රිය මාර්ගයේ යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය මාර්ග කොටස අද (02) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
ඒ අනුව මේ වන විට කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ යාල්දේවි දුම්රිය අද සිට කන්කසන්තුරය දක්වා ගමන් කරයි.
යාපනය සිට කන්කසන්තුරේ දක්වා දුර කිලෝ මීටර් 18ක් වන අතර මාර්ගය ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 40කි. මෙහි ඉදිකිරීම් කටයුතු ඉන්දියාවේ ඉර්කෝන් සමාගම සිදු කොට ඇත.
යාපනය, චුන්නාකම් හා කන්කසන්තුරේ යන ප්‍රධාන දුම්රිය ස්ථාන 03ක් ද, කොකුවිල්, කොන්ඩාවිල්,
ඉනුවිල්, මල්ලාකම්, තෙලිප්පලෙයි හා මාවඩිපුරම් යන උප දුම්රිය ස්ථාන 06කින් ද මෙම මාර්ගය සමන්විත වේ. දුම්රිය ස්ථානයන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වයෙන් ඉදි කොට ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p