බීමත් රියදුරන් 660ක් අත්අඩංගුවට

December 31, 2014

විශේෂ මෙහෙයුමක් මඟින් උත්සව සමයේ මත්පැන් පානය කර රථ ධාවනය කළ රියදුරන් 660 දෙනෙකු පොලිසියේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

පසුගිය බදාදා (24) සිට 29 දක්වා පොලීසිය මඟින් මත්පැන් පානය කර රථ ධාවනය කළ රියදුරන් 660 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 335 දෙනෙකු යතුරු පැදි රියදුරන් ද 227 දෙනෙකු ත්‍රීරෝද රථ රියදුරන් ද 43 දෙනෙකු මෝටර් රථ රියදුරන් ද 20 දෙනෙකු ලොරි රථ රියදුරන් ද තවත් 20 දෙනෙකු වෑන් රථ රියදුරන් ද වන අතර 5 දෙනෙකු පෞද්ගලික බස් රථ රියදුරෝ ද වෙති.

මත්පැන් පානය කර රථ ධාවනය කළ රියදුරන් අත්අඩංගුවට ගැනීමට පසුගිය බදාදා (24) ඇරඹුණු මෙම විශේෂ මෙහෙයුම 2015 ජනවාරි 05 දක්වා ක්‍රියාත්මක කෙරේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p