මැලේසියාවේ එයාර් ඒෂියා ගුවන් යානාවක් අද උදෑසන අතුරුදහන්වී ඇත

December 28, 2014

ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව දක්වා පියාසර කරමින් තිබූ මැලේසියාවේ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් යානාවක් අද උදෑසන (28) අතුරුදහන්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

QZ 8501 නමැති ගුවන් යානය අද උදෑසන 6.17ට (23:17 GMT) පමණ ජකර්තා ගුවන් කුලුණ සමඟ තිබූ සම්බන්ධතාවන් බිඳ වැටී මෙලෙස අතුරුදන්ව ඇති බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරියෙක් මාධ්‍යයට පවසා ඇත.
ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපළේ සිට ගමන් ආරම්භ කර ඇති මෙම ගුවන් යානයේ මගීන් 155 දෙනෙක් සහ කාර්ය මණ්ඩලය 5 දෙනෙකු සිටි බවට වාර්තා වේ.

 

ගුවන් යානයේ සිටි මගීන් 155 දෙනාගෙන් 149 දෙනෙකු ඉන්දුනීසියානු ජාතිකයින් වන අතර කොරියන් ජාතිකයන් තුන් දෙනෙකු ද වෙති. බ්‍රිතාන්‍ය, මැලේසියාව සහ සිංගප්පුරු ජාතිකයින් ද මෙම ගුවන් යානයේ ගමන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අතුරුදහන් වීමට පෙර සන්නිවේදනයේ දී යානය අසාමාන්‍ය ගමන් මඟක් පිළිබඳව විමසා ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p