සමාජයක් විදියට යහ පැවැත්ම ගැන සිතනවා නම් හැරෙන්න වමට

December 28, 2014

මහින්ද රාජපක්ෂ බලයට ආවත් මෛත‍්‍රීපාල සිරිසේන බලයට ආවත් ජල සම්පත පෞද්ගලීකරණය කර වැව් අමුණු නඩත්තුවේ වගකීම ජනතාව මත පටවන බව වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි. දුමින්ද නාගමුව මහතා ඒ බව පැවසුවේ දෙසැම්බර් 27වන දා කැස්බෑවේ පොල්හේනේදී පැවති ජන හමුවකදීය. එම අපේක්ෂකයින් දෙදෙනාම නව ලිබරල් ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන බව ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වලින් පැහැදිලියැයි ඔහු වෑඩි දුරටත් පැවසීය.

‘‘ නව ලිබරල් ධනවාදය කියුවට සමහර අය අහනව ඒක මොකක්ද කියල. අපේ රටේ වැඩිපුර ඒකට පාවිච්චිවුනේ විවෘත ආර්ථිකය කියන නම. මේකෙ ලක්ෂණ තමයි හැම දෙයක්ම මිළ කරන එක, විකුණන වෙළද භාණ්ඩ බවට පත්කරන එක. ඒ අනුව තමයි අධ්‍යාපනය සෞඛ්‍ය වගේ සේවාවන් , ජලය, වනාන්තර වගේ ස්වාභාවික සම්පත් විතරක් නෙමෙයි මිනිස් ශරීරයේ අවයව, මිනිසුන්ගෙ සිතුම් පැතුම් ප‍්‍රතිපත්ති පවා විකිණෙන්නේ.

මේ දවස් වල සමහර දේශපාලනඤයො තමන්ගෙ ප‍්‍රතිපත්තිත් විකුණනල තමන්වමත් විකුණගන්නව. අනිත් එක තමයි සමාජ ආරක්ෂණ සේවාවන් සමාගම් වලට විකුණල ඒ බර ජනතාවගෙ ඔළුව උඩට දාන එක. අධ්‍යාපනයෙ වගකීමෙන් රජය ඉවත්වෙලා පාසල් නඩත්තුවේ වගකීම දෙමාපියන්ගෙ පිට පැටෙව්ව. සෞඛ්‍ය සේවයේ වගකීමෙන් රජය ඉවත්වෙලා උඔල ලෙඩ උනොත් හිගාකාල හරි උඔලම බෙහෙත් හොයා ගනිල්ල කියල කියනව. දැන් අලූත්ම උත්සහය ජල සම්පත විකුණල වාරි පද්ධතිය නඩත්තුවේ බර ගොවීන්ගෙ උර මත පටවන එක. මේ දෙන්නම තමන්ගෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවල කියන්නෙ ජනතා විරෝදය නිසා අකුළ ගත්ත, ඒ කුමන්ත‍්‍රණය කොහොමහරි ක‍්‍රියාක්මක කරනවා කියලයි.
මහින්ද රාජපක්ෂගේ ලොව දිනන මඟ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ 52 පිටුවේ කියනවා වැව් සහ ඇළ වේලි ප‍්‍රතිසංස්කරණය කිරීම ඒ ඒ ගම් වල ජීවත්වන අයගේ ශ‍්‍රම දායකත්වය කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි වැව් නඩත්තුවේ වගකීම ගොවි සංවිධාන වලට පවරනවාලූ. හරියට පාසල් නඩත්තුවේ බර දෙමාපියන් මත පැටෙව්වා වගේ. මෛත‍්‍රීපාල සිරිසේනගේ මෛත‍්‍රී පාලනය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 31 වෙනි පිටුවේත් ඒකම තියෙනවා. ඒකෙ කියන්නේ කුඩා වැව් නඩත්තුව ගොවීන්ට පවරලා රජයේ පහසුකම් සැපයීම විතරක් කරනවා කියලා. මේ දෙන්නම කියන්නේ මොකද්ද? කෘෂිකර්මාන්තයේ හැම කේෂ්ත‍්‍රයක්ම සමාගම් වලට භාර දෙනවා කියලා රජයේ වගකීමෙන් ඉවත් වෙලා ජනතාව මත පටවනවා කියලා. වෙනස් වෙනස් කීවට මේ දෙන්නගේ කිසි වෙනසක් නැහැ. ජනතාව තෝර ගන්න වැඩිපුර බර කරගහන පාරනම් මේ දෙන්නගෙන් කව්රුහරි තෝර ගන්න පුළුවන්. ඒ වෙනුවට ජනතාවගේ සමාජයක් විදියට යහ පැවැත්ම ගැන සිතනවා නම් හැරෙන්න තියෙන්නේ වමට. විකල්පය තියෙන්නේ වමේ විතරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p