ස්මාට්ෆෝන් මොළයට හොඳයිලූ

December 26, 2014

ස්මාට්ෆෝන් භාවිතය මගින් මොළයේ ක‍්‍රියාකාරීත්වය ඉහළ නංවන බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

ස්විට්සර්ලන්ත පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකර ඇති මෙම පර්යේෂණය සඳහා ස්වෙච්ඡවෙන් ඉදිරිපත්වූ පුද්ගලයින් 37 දෙනෙකු දින 10ක් පුරා නිරීක්‍ෂණය කර ඇතැයි වාර්තා වේ.

මෙයින් 26 දෙනෙකු ස්පර්ශ තිර දුරකථන භාවිතා කරන්නන් වී ඇති අතර 11 දෙනෙකු පැරණි වර්ගයේ ජංගම දුරකථන භාවිතා කර තිබේ.

ඔවුන් සියලූදෙනාම ඉලෙක්ට්‍රො එන්සෙෆලොග‍්‍රෑම් හෙවත් ඊඊජී පරීක්‍ෂණයකට ලක්කළ විට හෙළිවී ඇත්තේ මහපටැගිල්ල ක‍්‍රියාකිරීමේදී ඉහළ වෝල්ටීයතාවයක් හටගන්නා බවයි.  පිළිවෙලින් දබරැගිල්ල හා මැදගිල්ල මගින්ද ඉහළ වෝල්ටීයතාවයන් ජනනය කරන බව හෙළිවී ඇත.

පර්යේෂණයේ ප‍්‍රතිඵල නිමසූ පර්යේෂක කණ්ඩායම නිගමනය කර ඇත්තේ වත්මන් මොළයේ සංවේදක හැකියාවන් වර්ධනය ඩිජිටල් තාක්‍ෂණ භාවිතාව සමග සම්බන්ධයක් දක්වන බවයි.

ස්මාට්ෆෝන් වැඩි වේලාවක් භාවිතා කිරීමේදී මොළය ඉහළ ක‍්‍රියාකාරීත්වයකට ළගාවන බව සුරිච් විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාඥ සහ පර්යේෂණ කණ්ඩායම් ප‍්‍රධානි ආර්කෝ ගෝෂ් පවසා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p