ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක‍්‍රමය රක්ෂණ ආවරණය ඉහළ නංවයි

December 25, 2014

2015 අයවැය මඟින් නිවේදනය කරන ලද 50%කින් තැන්පතු රක්ෂණ ආවරණය වැඩි කිරීමේ තීරණයට අනුව ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක‍්‍රමය එක් ආයතනයක එක් තැන්පතු හිමියෙකු සඳහා සිය තැන්පතු රක්ෂණ ආවරණය 2015.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 200,000 සිට රුපියල් 300,000 දක්වා වැඩි කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
සංශෝධිත රක්ෂණ ආවරණයට අදාළ රෙගුලාසි “2014 අංක 1 දරන ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක‍්‍රමය පිළිබඳ රෙගුලාසි” යන හැඳින්වීම යටතේ 2014 දෙසැම්බර් 02 දින අංක 1891/11 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මඟින් ප‍්‍රසිද්ධ කර ඇත.
ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක‍්‍රමය 2010 ඔක්තෝබර් මස පිහිටුවන ලද්දේ රටේ සමස්ත මූල්‍ය පද්ධතියෙහි ස්ථායීතාව උදෙසා වන අතර, එමඟින් මූල්‍ය ආයතන අසාර්ථකවීම් තුළින් අගතියට පත්වන තැන්පතු හිමියන් ආරක්ෂා කිරීමත්, තැන්පතු හිමියන්ගේ විශ්වාසය රඳවා ගැනීම හරහා මූල්‍ය ආයතනවල ස්ථායීතාව ප‍්‍රවර්ධනය කිරීමත් සිදු වේ. මෙය පවත්වාගෙන යාම හා කළමනාකරණය කිරීම ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සිදු කෙරෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p