රූබලයේ ඇද වැටීම ලෝකයටම බලපාවි

December 24, 2014

ආර්ථික විද්‍යා මූලධර්මවලට අනුකූල වෙළඳපොළ අර්බුදයක් රුසියාව තුළ වර්ධනය වෙමින් ඇතැයි රුසියාව පදනම් කරගත් දේශපාලන විශ්ලේෂකයකු වන අයර්ලන්ත ජාතික බ‍්‍රයන් මැක්ඩොනල්ඞ් පවසා තිබේ.

ඔහු අනතුරු හගවා ඇත්තේ එය රුසියාවට පමණක් සීමාවී අවසන් වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු බවයි.

පසුගියදා එක් දිනක් තුළ රුසියානු රූබලය 20%කින් කඩා වැටුණු අතර ඉන් පවා ඩොලර් හෝ යුරෝ මිලදී ගැනීමට උත්සුක වීමක් රුසියානු ජන සමාජය තුළ දක්නට ලැබුණේ ඉඳහිට පමණක් බව මැක්ඩොනල්ඞ්ගේ අදහසයි.

රුසියානු වෙළඳපොළ තුළ අර්බුදය මෙතෙක් ප‍්‍රකාශමාන වීම අඩු මට්ටමක තිබීමත් පසුගිය 25 වසර තුළ ආර්ථික අවපාත 3කට මුහුණදී රුසියානු ජනතාව එවැනි තත්වයන්ට පුරුදු බවක් දැක්වීමත් එයට හේතූන් බව ඔහු දක්වා ඇත.

ඔහු පවසා ඇත්තේ ඇතැම් ආර්ථික විශේෂඥයන් රූබලයේ කඩා වැටීමට විවිධ හේතු ඉදිරිපත් කළත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාම එයට ප‍්‍රධාන හේතුව බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p