නත්තල හා අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඉන්දු – ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ධීවරයින්ට නිදහස

December 23, 2014

srilanka-india fishermenඉන්දීය අත්අඩංගුවේ සිටි ශ‍්‍රී ලංකා ධීවරයින් 30ක් හා ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 66ක් නිදහස ලබති.

ඉන්දු – ශ‍්‍රී ලංකා දෙරටේ මිත‍්‍රත්වය වඩ වඩාත් තහවුරු කර දෙරටේ මුහුදු සීමාවේදී මෙම ධීවරයින් හුවමාරු කරගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

2014 නොවැම්බර් 26 හා 27 දිනවල නේපාලයේ පැවැති සාක් සමුළුවේදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවැති සුහද සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් වශයෙන් මෙසේ දෙරටේම ධීවරයින් නිදහස් කර ගැනීමට හැකි වු බවත්, මීට පෙරද ඉන්දීය නව රජයේ සුහදතාව වර්ධනය කර ගනිමින් රාජපක්‍ෂ මහතා ඉන්දිය ධීවරයින් නිදහස් කිරීමට පියවර ගත් බවද ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.

ඉන්දියාවේ අත්අඩංගුවේ සිටි ශ‍්‍රී ලංකා ධීවරයින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා පසුගියදා ධීවර පවුල් උද්ඝෝෂණයක්ද කළ අතර, තමන් ඔවුන් හමුවී, මෙම ශ‍්‍රී ලංකා ධීවරයින් නිදහස් කර ගැනීම සඳහා ජනාධිපතිතුමා ධීවර අමාත්‍යවරයා ලෙස ඉන්දියාව සමඟ දැනටමත් අදහස් හුවමාරු කරගෙන ඇති බවත් එම නිසා ඔවුන් නත්තලට පෙර නිදහස් කරගැනීමට පියවර ගන්නා බවටත් තමන් ඔවුන්ට පැවසූ බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරන ලැබු අතර මෙසේ නිදහස ලැබු ඉන්දීය ධීවරයින් 66 දෙනෙකු සහ ශ‍්‍රී ලාංකීක ධීවරයින් 30 දෙනෙකු අද (23) නිදහස් ව නත්තල් හා අලුත් අවුරුදු සඳහා ඔවුන්ගේ නිවෙස්වලට යැවීමට කටයුතු සැලසු බවද අමාත්‍යාංශය පවසයි.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p