මෛත‍්‍රී පාලනයේ තිස් දෙනෙකුට අඩු අමාත්‍ය මණ්ඩලයක් – පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි

December 23, 2014

Rev maduluwawe Sobhitha theroවිශාල ඇමති මණ්ඩලයක් වෙනුවට තිස් දෙනෙකුට අඩු අමාත්‍ය මණ්ඩලයක් ඇති කෙරෙන බව අද (23) සෝලිස් හොටෙල් හිදී පැවති මාධ්‍ය සාකච්ජාවකදී සාධාරණ සමාජයක් වෙනුවෙන් ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමියෝ ප‍්‍රකාශ කළහ.

ජනතාවට මූලිකව අවශ්‍යවන භාණ්ඩ සඳහාත්, මෙම ආණ්ඩුව විසින් බදු අය කරනු ලබයි. කැසිනෝ ව්‍යාපාරවල නියැළෙන්නන්ට වසර 25කට බදු මුදල් අහෝසි කර ඇත. මේ අසාධාරණ ක‍්‍රම වේදය වෙනස් විය යුතුය. ලැම්බෝගිනි වැනි වාහන සඳහා බදු මුදල් අහෝසි කර, සීනි, පරිප්පු  වැනි භාණ්ඩ සඳහා බදු අයකරමින් සිටී. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයෙන් පසු දින 100 වැඩපිළිවෙළ තුළ මෙම ක‍්‍රමවේදයන් වෙනස් කෙරේ. විශාල ඇමති මණ්ඩලයක් වෙනුවට තිස් දෙනෙකුට අඩු අමාත්‍ය මණ්ඩලයක් ඇති කෙරේ. එමගින් ක‍්‍රමානුකූලව නව ප‍්‍රතිසංස්කරණ සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් නිදහසත් රට තුළ ස්ථාපිත කළ හැකි යැයිද සෝභිත ස්වාමීන්වහන්සේ සඳහන් කළහ.

මෙම අවස්ථාවට සම්බන්ධ වූ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ : ‘‘දේශපාලන න්‍යායපත‍්‍රය සකස් කිරීමට අවශ්‍ය කරුණු ජනතාවගේ පොදු යහපත සඳහා සකස් කිරීමට හැකියාව ලැබුණු බවයි. සකස් කරන ලද න්‍යායපත‍්‍රයේ ප‍්‍රමුඛව සඳහන් වුයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට එයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අංග ලක්ෂණ ඇතුළත් කළ යුතුයි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයෙන් පසු නිරීක්ෂණ, අධීක්ෂණය නිරන්තරයෙන් සිදු කරනවා.’’ යනුවෙන්ද ශිරාල් ලක්තිලක මහතා පැවසීය.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p