තිස්සගේ ලියවිල්ල ව්‍යාජ ලියවිල්ලක්

December 23, 2014

maithreepala sirisena press

– විපක්‍ෂ නායක පොලිස්පතිගෙන් විධිමත් පරීක්‍ෂණයක් ඉල්ලයි

වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන තිස්ස අත්තනායක මහතා මාධ්‍ය තුළින් රාජ්‍ය අංශය සඳහා සේවකයින් බඳවා ගැනීම වහාම අත්හිටුවනවා යැයි, රනිල් වික‍්‍රමසිංහ මහතා හා මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන් සහිතව ඉදිරිපත් කළ ගිවිසුම ව්‍යාජ ව සකස්කරන ලද්දක් බවත්, එය තරයේ හෙළා දකිමින් ඊට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

මෙහිදි නැගෙනහිර පළාත් සභාවේ සභා නායක ප‍්‍රියන්ත පතිරණ මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් සහය දැක්වීමට එක්විය.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ : ‘‘ඊයේ දිනයේදී එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ප‍්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මහතා රාජ්‍ය අංශයේ බඳවාගැනීම් වහාම අත්හිටුවීමට රනිල් වික‍්‍රමසිංහ මහතා හා මා 2014 නොවැම්බර් 1 වැනි දින ගිවිසුමක් අත්සන් කළ බවයි. අද ජාතික පුවත්පත් සියල්ලගේම පළවෙලා තියෙනවා. එය ව්‍යාජ ප‍්‍රකාශනය අත්සන් කළා ලෙස සඳහන් වන දිනය නොවැම්බර් 1 වනදා. නමුත් ඒ වනතුරුත් රජයෙන් ඉවත්වෙන්න මගේ අදහසක් තිබ්බේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහතා හා මම එවැනි කටයුත්තක් කිරීම සඳහා හමුවෙලත් නැහැ.

මේ ප‍්‍රකාශය මම කරන්නේ මාගේ හෘද සාක්‍ෂියට එකඟව. මෙලෙස ව්‍යාජ ලේඛනය සකස් කර ඉදිරිපත් කිරීම තුළින්ම මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලනය කොතරම් පහත වැටි ඇත්ද යන්න වටහාගත හැකි. මෙය රාජ්‍ය සේවයේ නිරත වන නිළධාරීන්ගේ මනාප ලබාගැනීමට ඔවුන්ව නොමග යාමට සිදුකළ කටයුත්තක්. අනෙකුත් ජනතාවගේ මනාප ලබාගැනීමට ජනතාව නොමග යැවීමේ වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී තිබෙනවා. ව්‍යාජ අයුරෙන් සකස් කළ ලේඛනය පිළිබඳ පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඉදිරියේදී අධිකරණයට යොමු වෙනවා.

අවුරුදු ගණනාවක්ම එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ පරාජයට පත්වුනේ මෙවැනි මහලේකම් කෙනෙක් නිසා. දැන් ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය වෙනුවෙන් කටයුතු කරනවා. වසර ගණනක්ම මාගේ දේශපාලනයේ නිරත වූවත්, මාගේ දේශපාලන ඉතිහාසය තුළ කිසිම දිනක මෙවැනි නීති විරෝධි දේවල් සිදුකර නැහැ. ජාතික පුවත්පත වල අද ප‍්‍රකාශයට පත්වූ දේ අසත්‍යක්. එම ලිපිනය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලස්ථානයේ ලිපිනය. එහි මම අත්සන කරන ලද ලේඛන විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මෙවැනි කටයුතු වලින් බුද්ධිමත් රාජ්‍ය සේවකයින් නොමග යැවීමේ හැකියාවක් නැහැ.

මෙම සාකච්ඡාවට සහභාගී වූ එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ; අද දින ජාතික පුවත් පත් රැසක ඉංග‍්‍රීසී අත්සන සහිතව ව්‍යාජ අයුරින් නිර්මාණය කළ දෙයක් බවත්, තිස්ස අත්තනායක මහතා සිදුකළ මෙම ක‍්‍රියාදාමයට එරෙහිව පොලිස්පතිතුමාට එය ඉදිරිපත් කළ බවත්, ඉදිරියේදී ඒ සඳහා නීතිමය වශයෙන් ක‍්‍රියාදාමයකට යොමුවන බව ඔහු අවධාරණය කළේය.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p