තරුණ කැරැල්ලක් ඇති වීම වැළැක්වීමට මෛත‍්‍රීපාල ජනාධිපති කළ යුතුයි

December 23, 2014

unp press priyantha pathirana

– නැගෙනහිර පළාත්, සභා නායක ප‍්‍රියන්ත පතිරණ

වත්මන් ජනාධිපතිට නැවත බලය ලබා දුන හොත් තරුණ කැරැල්ලක් ඇති විය හැකි බව නැගෙනහිර පළාත් සභා සභා නායක ප‍්‍රියන්ත පතිරණ මහතා පවසයි.

තරුණ තරුණියෝ වත්මන් පාලනය යටතේ දැඩි පීඩනයකට ලක්ව සිටිති. එනිසා නැවත වතාවක් වත්මන් ජනාධිපති බලයට පත් වුවහොත් වසර තුනක් ඇතුලත තරුණ කැරැල්ලක් ඇති වීම වැලක්විය නොහැකි යයි. පතිරණ මහතා පෙන්වා දෙයි. ආර්ථික, ක‍්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර රැසක කඩා වැටීම් සිදුව ඇත. පවුල් වාදය ඊට හේතුවී තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ලෝකයේ සංවර්ධිත රටක් බවට ශ‍්‍රී ලංකාව පත්වනු ඇතැයි විශ්වාස කෙරිණ. ඒ සඳහා වත්මන් ජනාධිපතිවරයාට මීට පෙර තමා පූර්ණ සහය පළකළ බව ප‍්‍රියන්ත පතිරණ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් වත්මන් රජයට ලැබී තිබිණ. එමගින් තරුණ ප‍්‍රජාවගේ ආර්ථික සමාජ ගැටළු වලට සාධාරණ විසඳුම් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරිණ. එහෙත් වත්මන් ජනාධිපතිවරයා තමාගේ ධුරකාලය වැඩි කරගැනීමට පමණක්ම එම බලය යොදා ගත් බවට ප‍්‍රියන්ත පතිරණ මහතා චෝදනා කරයි. ඊට අමතරව ග‍්‍රාමීය අහිංසක ජනතාව රැවටීමටද රජය ක‍්‍රියා කරයි. ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට කිසිදු පියවරක් රජය නොගන්නා බවද පතිරණ මහතා පෙන්වා දෙයි. වර්තමානයේ පවතින සමාජ, ආර්ථික ආදී ගැටලු විසඳීම සඳහා මෙවර ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවිය යුතුය ඒ සඳහා පූර්ණ සහය පළ කරන බව සෝලිස් උත්සව ශාලාවේ පැවති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ජාවේදී ප‍්‍රියන්ත පතිරණ මහතා සඳහන් කළේය. ඒ අනුව පොදු අපේක්ෂකගේ ජයග‍්‍රහණය තහවුරු කිරීමට නැගෙනහිර පළාත් සභාවේ සභා නායක වන තමා කැපවී ක‍්‍රියා කරන බව හෙතෙම අවධාරණය කළේය.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p