ඉතිහාසයේ රට ගොඩනගපු පස්වැනි රජු මහින්දයි…

December 23, 2014

අපේ ඉතිහාසය අනුව රට ගොඩනගපු රජවරු හිටියේ හතරදෙනෙක් පමණක් බව මහාවංශයේ දැක්වෙන බවත් පස්වැනියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ගම්පහදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේද කීය.

‘මහා වංසයට අනුව රට එක්සත් කරපු රට ගොඩනගපු රජවරු හිටියේ හතර දෙනයි. පස් වැනියා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා ඒ දේවල් කළේ නොයෙක් අභියෝග මධ්‍යයේ. රටේ ආර්ථිකය කඩාවැටිලා අපට ලෝකය විවිධ තහනම් දානකොට එතුමා අතගහපු යුද්දෙ දිගටම කළා.එදා යුද්දෙ කළේ රටේ සල්ලි තිබිලා නෙවෙයි. විපක්ෂය මේ දේවල් කතා කරන්නේ නැතිව ඒවා වසන් කරලා වෙනම සංවාදයකට යන්න යනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p