රට අස්ථාවර කිරීමට හෝ නැවත යුධ බිය ඇතිවීමට ඉඩ තබන්නේ නැහැ

December 22, 2014

මෛත‍්‍රීපාල සිරිසේන අත්තනගල්ලේ දී

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන

වසර ගණනාවක් නිදහස් පක්‍ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනත් ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ ඇයි දැයි යන්න කෙනෙකුට ප‍්‍රශ්නයක් විය හැකියි. ආණ්ඩුව තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය හෝ බණ්ඩාරනායක දර්ශනය නොමැත. රටේ සෑම අත, සෑම තැන වංචාව දූෂණය ඉහවහා ගොස් ඇත. මේ තත්ත්වයන් දුරුකොට යහපාලනය රටෙහි ඇති කිරීම උදෙසා තමන් නිදහස් පක්‍ෂයෙන් තාවකාලිකව එළියට ආවත් තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අරමුණු ජයගන්නා බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) අත්තනගල්ලේ පැවති ජන රැළිය අමතමින් ප‍්‍රකාශ කළේය.

‘‘බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී.ල.නි.ප ආරම්භ වුනත් එය විනාශ කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා උත්සහ කළා. මේ රටේ  ශ‍්‍රී.ල.නි.ප වෙනුවෙන් ජීවිතය පුදපු දේපල අහිමි කරගත් අති විශාල පිරිසක් ඉන්නවා. මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ උත්සාහයේදීත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහිමි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවෙත් මම ජනතාව අරගෙන පාරට බැස්සා. ඒ නිසා මට බන්ධනාගාර ගතවෙන්න සිද්ධවුනා. මම කළ විරෝධතාවේ ප‍්‍රතිඵලය ලෙස ඒ යෝජනාව අහොසි වුනා.

2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ශ‍්‍රී‍්‍රි.ල.නි.ප. කාර්යාලය හදන්න මුල් ගල තැබුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පකිස්ථානයේ සිටි නිසා එතුමියට පැමිණෙන්න හැකියාවක් නොතිබුන නිසා උදෑසන සමරු ඵලකය විවෘත කරල මුල්ගල තියලා වැඩ ආරම්භ කළා. සමරු ඵලකයේ තිරය  විවෘත කළ විට, එහි සඳහන්ව තිබුනේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ නම. එදිනම රාත‍්‍රියේ සමරු ඵලකය සහ මුල් ගල යන දෙකම අතුරුදහන් වුනා. මහින්ද රාජක්පෂ ශ‍්‍රී‍්‍රි.ල.නි. පක්ෂයට සැලකුවේ ඒ විදියට නාමල් රාජපක්ෂ දරුවා  ශ‍්‍රී‍්‍රි.ල.නි.ප.යේ මූලස්ථානය ඉදිකිරීමට, මීට වසර තුනකට පෙර පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවට ලෝකයේ ලොකුම පක්‍ෂ කාර්යාලය ලෙස එය නිර්මාණය කරන ආකාරය ඉදිරිපත් කරා, නමුත් අද වනතුරු පක්ෂ කාර්යාලයක් නොමැත. සැප්. 26 වනදාට බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ ගුණ සිහිකිරීමට පැමිණි පසු මහින්ද රාජපක්ෂ හොරගොල්ල වෙත යන හැම කෙනෙක්ගෙම නාමලේඛනය මගෙන් ඉල්ලනවා.

ජාතික සංවිධායක ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා වසර 2ක් මෙම දිස්ත‍්‍රික්කයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළත් නිදහස් පක්‍ෂයට එකම සමාජිකයේක්වත් බඳවාගෙන නැහැ.

වර්තමාන ජනාධිපතිවරයාට ඇතිව තිබූ විශාලම ප‍්‍රශ්නයක් වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක නාමයයි. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙනුවට, මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළක් නිර්මාණය කරා. මහින්ද රාජපක්‍ෂ වරාය කියලා නැව් එන්නෙ නැති වරායක් නිර්මාණය කළා. ඔහුට අවශ්‍යතාවය තිබුනේ බණ්ඩාරනායක මැතිණියට වඩා උසස් මට්ටමකට පැමිණ ඉතිහාස ගතවන්න. අද ජනතාවගේ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරලා. නීතියේ ආධිපත්‍ය විනාශ කරලා. දැන් ප‍්‍රකාශ කරනවා. ඔහු බලයෙන් ගිය විට රට තුල දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙනවා කියනවා, නැවත යුද්ධයක් ඇති වෙනවලු, වර්තමානයේ තමයි පාලනයේ අස්ථාවරත්වයක් තියෙන්නේ. ඇමති මණ්ඩලය උගතුන් බුද්ධිමතුන් අතර ප‍්‍රතික්‍ෂෙප වෙලා. හෙට දරුවන්ට ස්ථාවරත්වයක් ඇති ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා රාජපක්‍ෂ පාලනය ඉවත් කළ යුතුයි. සමෘද්ධිමත් පාලනයක් සඳහා රාජපක්‍ෂ පාලනය ඉවත් කළ යුතුයි. සමෘද්ධිමත් පාලනයකට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට මෛත‍්‍රී පාලනයක් තුළ කටයුතු කරනවා.’’

The Editor

Previous story Next story

Leave a comment

t

o

p