මේ පාලන ක‍්‍රමවේදය තුළ කාන්තාවන් වෙනුවෙන් හඬ නැගීමට කෙනෙක් නෑ

December 22, 2014

රංගන ශිල්පිනි දීපානි ද සිල්වා

– රංගන ශිල්පිනි දීපානි ද සිල්වා

සමාජයට යම් අසාධාරණයක් සිදු වන විට, බිය සැක නොමැතිව ඒ වෙනුවෙන් පෙනී සිටින බව ප‍්‍රවීණ රංගන ශිල්පිනී, දීපානි සිල්වා ඊයේ (21) පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේ පැවති කාන්තා අභිමානි පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ප‍්‍රකාශ කළේය.

‘‘සමාජයක් බිහිකිරීමේ වැඩි කාර්යභාරයක් සිදූ කරන්නේ කාන්තාවන්ය. සමාජයක් බිහිකරන්න මුලික වෙන්නෙ අම්මා. එසේ නම් සමජයෙ යම් කිසි අසාධාරණයක් සිදුවන විට පෙරමුණ ගත යුත්තෙ අම්මා. අද මිනිසුන් යමක් කතා කරන්නෙ හරි බියෙන්. මීට විරුද්ධව හඬ නැගීමටත් අපි ලොකු බියකින් හිටියේ. ජල ප‍්‍රහාරවලට කඳුළු ගෑස්වලට හොඳට මුහුණ දීලා තියෙනවා. තවත් අපිට නිහඬව සිටිය යුතුනෑ. එසේ තව දුරටත් අපි හිටියොත් අපිට අපේ නිදහසත් අහිමි වෙනවා.

ආර්ථිකමය අපහසුතා හොඳින්ම දැනෙන්නේ නිවසක ගෘහනියකට. රට පුරා ව්‍යාප්තව ඇති මත් ද්‍රව්‍ය උවදුර නිසා නිවසක සිටින ගෘහණියන් සැමවිටම සිටින්නේ පීඩනයකිනි. විශාල වශයෙන් මත්ද්‍රව්‍ය කන්ටෙනර් ගණන් අසු වූවත් ඉන්පසු ඒවාට සිදු වූයේ කුමක්ද සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. යුක්තියක් නීතියක්, සොයාගැනීමට නොහැකි වෙලා. මේ පාලන ක‍්‍රමය තුළ කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් ඉදිරියේ හඬක් නැගීමට කෙනෙක් නැහැ.’’

 

The Editor

Previous story Next story

Leave a comment

t

o

p