රනිල් – සිරිසේන හොර ගිවිසුම ජාතිය පාවාදීමේ මහා කුමන්ත්‍රණයක් බව එජාප හිටපු මහලේකම් ගෙන් හෙළිදරව්වක්

December 22, 2014

රනිල් - සිරිසේන හොර ගිවිසුම ජාතිය පාවාදීමේ මහා කුමන්ත්‍රණයක් බව එජාප හිටපු මහලේකම් ගෙන් හෙළිදරව්වක්

රනිල් – සිරිසේන හොර ගිවිසුම ජාතිය පාවාදීමේ මහා කුමන්ත්‍රණයක් බව එජාප හිටපු මහලේකම් ගෙන් හෙළිදරව්වක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂය සමඟ අභ්‍යන්තර අත්සන් කල ගිවිසුමෙන් උතුරු පළාතේ රඳවා ඇති හමුදාව සියයට 50 දක්වා අඩු කරමින් සියලු අධි ආරක්ෂිත කලාප ඉවත් කරන බවද 13වැනි සංශෝධනය ඉක්මවා යන බලය  බෙදා දීමක් සිදුකිරීමට එකඟ වී ඇතැයි එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අනාවරණය කළේය.

එම අභ්‍යන්තර ගිවිසුම මගින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම මගින් නිර්දේශකර ඇති සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීමටද රාජ්‍ය අංශයට අසීමිතව බඳවා ගැනීම් මහා භාණ්ඩාගාරයට දැවැන්ත බරක්  වී ඇති හෙයින් රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම අත්හිටුවා දේශපාලන වශයෙන් ලබාදුන් සියලු පත්වීම් සහ උසස්වීම් සියල්ල අවලංගු කිරීමටද ජනාධිපති අපේක්ෂක සිරිසේන මහතා එකඟ වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා මෙම කරුණු අනාවරණය කළේ ශ්‍රිලනිප මූලස්ථානයේදී අද (22) පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට වයඹ මහ ඇමති දයාසිරි ජයසේකරද සහභාගි විය.

සිරිසේන මහතා සමඟ එජාපය අත්සන් කල ගිවිසුම මව්බිම පාවාදෙන සහ රණවිරුවන් ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යන බරපතළ ගිවිසුමක් බව අවධාරණය කර එජාප හිටපු මහලේකම්වරයා එම ගිවිසුමේ 2.7 වගන්තියෙන් දෙමළ ඩයස්පෝරාවට රට පාවාදී ඇතැයිද චෝදනා කළේය.

උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදය දැන් නිමාවී ඇති හෙයින් රාජ්‍ය ආරක්ෂාව සඳහා වැය කරන මුදලින් සියයට 40ක් කපා හැර එම මුදල් උතුරු සංවර්ධනය වෙනුවෙන් යෙදිය යුතු බවද අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමෙන් පසු එහි ඉඩම් මුල් අයිතිකරුවන්ට ලබාදිය යුතු බවද එහි සඳහන්ය.

මෙහිදී අදහස් දක්වමින් වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ බලපෑම මත මව්බිම පාවාදී හෝ ඡන්ද ලබාගැනීමට කටයුතු කිරිමට අවශ්‍යව ඇති හෙයින් එජාපය විජාතික බලවේගයන්හි ඉල්ලීම්වලට යටවී මෙය අත්සන් කර ඇති බවය.

 

The Editor

Previous story Next story

Leave a comment

t

o

p