මෛත්‍රීපාල පාලනයත් රාජපක්ෂ පාලනයත් දෙකම එකයි

December 22, 2014

මෛත්‍රීපාල සිරිසේන මහතාද කි්‍රයාත්මක කිරීමට සූදානම් වන්නේ නව ලිබරල් ප්‍රතිපත්තියම බවත් වෙනසක් අපේක්ෂා කළ ජනතාවගේ බලාපොරොත්තු පාවා දී ඇති බවත් වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව  පවසයි. ඔහු ඒ බව පැවසුවේ, දෙසැ.20 වන දා බදුල්ලේ පැවති ජනහමුවකදීය.

ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.
මහින්ද රාජපක්ෂ පාලනය ලංකාව තුළ නව ලිබරල් ධනවාදයේ අලූත් අදියරක් ආරම්භ කළහ. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සමාජ සුභසාධන තේමා වෙළද භාණ්ඩ බවට පත් කළහ. එම අයිතීන් සමාජයේ පහළ ස්ථර වලට අහිමි කළා. බහුජාතික සමාගම් වලට දෙන්න නාගරික පීඩිතයාව තමන්ගේ වාස භූමි වලින් එළෙව්වා. ආර්ථීකයේ රාජ්‍ය මැදිහත් වීම කප්පාදු කරල ඒක මුදලාලි කරණය කළහ. මේකෙන් පීඩාවට පත්්වෙච්ච ජනතාව රාජපක්ෂ පාලනය ගැන විරෝධය දැක්වූවා. එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ පක්ෂ මේ විරොධය මංකොල්ල කාලා ජනතාවගෙ දුක පික්පොකට් ගහලා බලයට පාරක් හදාගන්නයි හදන්නේ. පසුගිය දා එළි දැක්වූ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්තා ප්‍රකාශය මේ බොරුවට හොදම නිදසුනක්. මෛත්‍රීපාල පාලනයත් රාජපක්ෂ පාලනයත් දෙකම එකයි. කිසිම වෙනසක් නෑ. අන්තිමේදි වෙන්නෙ මූණු මාරුවක් විතරයි කියල ඒකෙන් පේනව.
මුලින් කීවේ මෛත්‍රීපාල එන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියල නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඒක සිද්ධ වෙන්නෙ නෑ. සිද්ධ වෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමයෙ බලතල වලින් කොටසක් අඩු කරන එකයි. අගමැතිගේ බලතල වැඩිවෙන එකයි විතරයි. ඒ කියන්නේ යකාව මෙහෙම්ම තියාගෙන යකාගෙ දතක් දෙකක් ගලවනවා. ඒකාධිපති ව්‍යවස්ථාව මෙහෙන්මම තියාගෙන ඒකෙ වචන කීපයක් වෙනස් කරනව. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ පමණින් ප්‍රශ්නය විසදෙන් නෑ. ජනතාවට බලය පැවරෙන අලූත් ව්‍යවස්ථාවක් ඕනෙ කියන එකයි අපි කීවෙ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කෑ ගහපු අය අද තමන්ගෙම සටන් පාඨය පාවා දීලා අනිත් එක මේ සංශෝදනය තීරණය කරන්නේ කවුද? පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙකු එකතුවෙලා රටේ මූලාක නීතින සකස් කරල ඒක ජනතාව මත බලෙන් පටවන්නයි යන්නේ. ජනමත විචාරණයක් අවශ්‍යය වගන්ති වෙනස් කරන්නේ නෑ කියන එකෙන් අදහස් වෙන්නේ විධායක ජනාධිපතිධූරය අහෝසි වෙන්නෙත් නෑ, කරන දෙයක් ජනතාවගෙන් අහන්නෙත් නෑ කියන එකයි. අපි යෝජනා කරන්නේ මහජන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කැදවන්න කියල. ජනතාවට හොරෙන් ව්‍යවස්ථා සම්මත කරන සම්ප්‍රදාය වෙනස් කරලා ඒක ජනතාවගෙන් අහන්න කියල.
ඒ විතරක් නෙමෙයි, විධායක ක්‍රමය අවශ්‍ය වුණු පීඩාකාරී ආර්ථීක ප්‍රතිපත්තිය එහෙම්මම තියාගන්නව කියලයි. ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ මේ හදන්නේ මූණු විතරක් මාරු කරල නව ලිබරල් ධනවාදයයි ඒකට ඕනෙ කරන ඒකාධිපතිත්වයයි අනිත් ඔක්කොමයි පවත්වගෙන යන්න. මෛත්‍රීපාල ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ තියෙනවා රාජ්‍ය සේවය සිංගප්පූරු තෙමසෙක් ක්‍රමයට නැවත සකසනවා කියල. මේ කියන්නෙ රාජ්‍ය දේපල වල පවා පරිපාලනය පෞද්ගලීකරණය කෙරෙනව. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන් වෙළද භාණ්ඩ කරන ප්‍රතිපත්තියමයි ඉදිරියට යන්නේ. එක ක්ෂේත්‍රයක් උදාහරණයට ගමු පෞද්ගලික පාසල් වලට රාජ්‍ය පිළිගැනීමක් දෙන්න යනවා උපාධි විකුණන්න යනවා එහෙම නැත්නම්, උපාධි ගන්න ශිෂ්‍යන්ට ණය මුදලක් දෙනවා කියලා කියන්නේ මොකටද? මේ වැරදි ප්‍රතිපත්තිය වහගෙන උඩ ජනපි්‍රයවාදී ඡන්ද පොරොන්දු වලින් අයිසින් තවරනවා. උඩ අයිසින් යට වස. වෙනසක් බලාපොරොත්තුවෙන කවුරුන් හෝ ඉන්නවනම් ඒ අයට මෛතී්‍ර එක්ක ගමනක් නෑ. උත්තරය තියෙන්නේ වමේ බලයක් ශක්තිමත් කිරීම ඇතුලෙ විතරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p