කුමාර ගුණරත්නම්ට වීසා ලබා නොදීම පිළිබදව මානව හිමිකම් පැමිණිල්ලක්

December 19, 2014

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර ගුණරත්නම් මහතා ලංකාවට පැමිණීමට ඇති ඉඩ කඩ සිතාමතා ඇහිරවීමට   එරෙහිව   අද   (19)  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව සහ චමීර කොස්වත්ත මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළහ.

මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ල ඉදිරිපත් කරමින් දුමින්ද නාගමුව මාහතා මෙසේ අදහස් ඉදිරිපත් කළේය.
කුමාර ගුණරත්නම් සහෝදරයා මීට වසර දෙක හමාරකට පෙර පැහැරගෙන රටින් පිටුවහල් කලා. ඉන් පසුව ඔහුව රටට ගෙන්වා ගැනීම සදහා අප කි්‍රයාත්මකවුනා. දැනට මාස දෙකකට පමණ පෙරදී ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් ඒ පිළිබද නීතිමය තත්වට විමසුවා. එහිදී ඔවුන් ඒ පිළිබද කටයුතු කිරීම සදහා කුමාර ගුණරත්නම් සහෝදරයාගෙන් ලිපියක් අවශ්‍ය බව පවසා සිටියා. එය පසු ගිය නොවැම්බර් 28 වනදා ලබා දුන්නා. සාමාන්‍යයෙන් එවැනි ඉල්ලීමකින් පසු උපරිම සතියක පමණ කාලයකින් පිළිතුරු ලබාදිය යුතුයි. ඒත් මේ වෙනකොට සති තුනක් ගත වෙලා තියෙනවා තවමත් පිළිතුරක් නෑ. ඒ නිසාම නැවත දෙසැම්බර්12වනදා සිහි කැදවීමේ ලිපියක් යැවූවා. ඉන් නොනැවතී පසු ගිය 16වන දා අන්තර් ජාලය හරහා ඔස්ටේ‍රලියාවේ සිටත් වීසා අයදුම් කර සිටියා. එහිදී අපට ලැබුණු පිළිතුරවූයේ හරියටම පැය 24ක් ඇතුළත ඒ පිළිබද ප්‍රතිචාරයක් ලබාදෙන බවයි. නමුත් මේ වෙනකොට පැය 72ක කාලටක් ඉක්මවා ගොස් ඇතත් තවමත් එයට පිළිතුරු නෑ.

මින් පැහැදිලි වෙනවා ඔහු රටට ඇතුළුවීම වළක්වා ඇත්තේ ආණඩුවේ දේශපාලන උවමනා නිසා බව. මේ හරහා ඔහුගේ මානව හිමිකම් කඩවන බව අප මානව හිමිකම් කොමිසමට පැමිණිලි කලා. ඉදිරියේදී දේශපාලනික හා නීතිමය තලයේ උද්ඝෝෂණික කි්‍රයාමාර්ග හරහා මේ සදහා අප මැදිහත් වෙනවා. ඔහු පමණක් නොවෙයි රටින් පිටුවහල් කළ බොහෝ දෙනෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී ඉන්නව.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p