කුමාර් ගුණරත්නම්ගේ වීසා ඉල්ලීමට ආණ්ඩුවෙන් බාදා කරයි

December 18, 2014

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා අද 18 කොළඹ පෑවති මාධ්‍ය සාකච්ඡාවකදී , එම පක්ශයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතාට ලංකාවට පෑමිණීමට ඉඩ නොදෙමින් ආණ්ඩුව විසින් වෙට්ටු දමමින් සිටින බව පවසයි.

වෑඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා කියා සිටියේ

කාලය ඉක්මවා රැඳී සිටියා කියලා ගුණරත්නම් සහෝදරයාට දඩයක් ගෙවන්න නියම වෙලා තිබුණා. අපි අවුරුද්දකට වඩා කාලයක් අපි ඒ දඩය ගෙවන්න උත්සාහ කලා. අන්තිමට කිව්වා වීසා ඉක්මවා රැඳී සිටීමට හේතු දක්වමින් ලිපියක් භාර දෙන්න කියලා. නොවැ. 27 අපි ඒ ලිපිය භාර දුන්නා. සාමාන්‍ය පටිපාටියට අනුව ඒ ලිපියට දවස් 7 කින් උත්තර ලැඛෙන්න ඕන. දවස් 14 කුත් පහු වෙලා උත්තර නොලබුණු නිසා දෙසැ. 12 අපි නැවත ලියුමක් භාර දුන්නා. ඊට පස්සේ ආගමන විගමන පාලකයා කිව්වා අපේ ලියුම ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශයට යොමු කරලා තියෙන්නේ කියලා.

මෙතනදි ප්‍රශ්න මතු වෙනවා. ආරක්්ෂක අමත්‍යශයේ නිර්දේශයක් අවශ්‍ය වන්නේ ඇයි? කියලා. හිතාමතා කරන ප්‍රමාද වීමක් තියෙනවා කියලා දැනුන නිසා දෙසැ. 16 උදේ 10.58 ට පමණ කුමාර සහෝදරයා අන්තර් ජාලය මාර්ගයෙන් වීසා ඉල්ලූම් පතක් දැම්මා. එක්ට ස්වයංක්‍රීයව හමුවෙන ප්‍රතිචාරය කියනවා පැය 24 කින් වීසා ඉල්ලූම් පත්‍රය ගැන දැනුම් දීමක් කරනවා කියලා. පැය 48 ක් ගිහිල්ලාත්, ඒ ගැන පිළිතුරක් හමුවෙලා නැහැ. අද පස්වරු එකට පමණ අපි ලිපියක් යොමු කරලා ඇහුවා ඇයි අපට උත්තර දෙන්නේ නැත්තේ කියලා. මේ ආයතන වල අකාර්්‍යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්ණයක් නෙවෙයි. මේක සිතාමතා කරන බදා කිරීමක්. ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ගැන කතා කරන අයගෙන් අපි අහන්න කැමැතියි මේ ගැන මොකද? කියන්නේ කියලා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p