ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෝ ජනපති මහින්ද සමඟ අත්වැල් බැඳ ගනිති

December 16, 2014

පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වීමත් සමඟ රට තුළ බටහිර බලවේගයක් ක්‍රියාත්මක වන බවත් ඒ මගින් රට අස්ථාවර තත්ත්වයකට පත් කිරීමේ කුමන්ත්‍රණයක් පැහැදිලිව පෙනෙන බැවින් මෙවර ජනපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කිරීමටත්, තම කණ්ඩායමේ පූර්ණ සහයෝගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමටත් තීරණය කළ බව ජනපති අපේක්ෂක සහ ජවිපෙ හිටපු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පැවසීය.

මෙම කරුණු අනාවරණය වුයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයින් පිරිසක් අද (15) පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට උතුරු මැද හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන එම්.ජී. උපුල් කුමාර සහ රෝහණ පුෂ්පකුමාර, දකුණු හිටපු පළාත් සභා මන්ත්‍රී ආරියනන්ද රත්නායක, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දෙවිනුවර චන්දන කුමාරසිරි, දික්වැල්ල වජිර හෙට්ටිආරච්චි සමඟ හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභාවේ වර්තමාන ජවිපෙ මන්ත්‍රී අජිත් ප්‍රේමකුමාර යන මහත්වරු කිහිප දෙනෙක් ම එක් ව සිටියහ.

 

මෙහිදී අදහස් දක්වමින් මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂක අනුරුද්ධ පොල්ගම්පළ මහතා මෙසේද කියා සිටියේය. ‘‘දේශමාමකත්වයක් මේ රටේ ප්‍රගතිය වෙනුවෙන් ඇති කිරීමට අපි කටයුතු කරනවා. ඉතිහාසයේ හැම අවස්ථාවකදීම රටක ජයග්‍රහණය දුර්වල කිරීමටත් දේශපාලන පක්ෂ දුර්වල කිරීමටත් බටහිර බලවේග ක්‍රියාත්මක වුණා. ඒ ආකාරයට මෙවරත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන හරහා බටහිර බලවේගයක් ක්‍රියාත්මක කර රට අස්ථාවර කිරීමට විවිධ කුමන්ත්‍රණකාරි කණ්ඩායම් උත්සාහ දරමින් සිටිනවා. ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි යන අය බටහිර බලවේගවල ගොදුරු බවට පත්වූවා සේ ම මෛත්‍රීපාල සිරිසේනද එහි ගොදුරක් බවට පත්වී තිබෙනවා. 2005 දී අපි ශක්තිමත් නායකයෙක් හැදුවා. ඒ නායකත්වය තුළින් විසඳිය නොහැකිව තිබූ දරුණු යුද්ධය අවසන් කළා. ජාතික සම්පත් විකුණන මාෆියාව අවසන් කිරීමට හැකිවුණා. ඒ නිසා එම ශක්තිමත් නායක මහින්ද රාජපක්ෂ මහතාට රට අස්ථාවර බවින් මිදවීමට සහය දෙනවා‘‘යැයි ජවිපෙ හිටපු ක්‍රියාකාරියන්ගේ සංගමයේ කැඳවුම්කරු කියා සිටියේය.

 

මෙහිදී අදහස් දක්වමින් උතුරු මැද පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී උපුල් කුමාර මහතා ප්‍රකාශ කළේ වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරන්නේ වහෙන් ඔරෝ ප්‍රතිපත්තියක්. එක් පැත්තකින් ස්ථාවරය ප්‍රකාශ නොකර වක්‍රාකාරයෙන් අනුර කුමාර ඇතුළු පිරිස මෛත්‍රීපාල දිනවීමට කටයුතු කරනවා. ටිල්වින් සිල්වා අතීතයේදී වත්මන් අර්බුදය දුටු නොදුටු පැති ග්‍රන්ථයෙන් ප්‍රකාශ කළේ කිසිදා එක්සත් ජාතික පක්ෂයට බලයට ඒමට සහයක් නොදෙන බවයි. නමුත් දැන් ඔවුන් සම්පුණයෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරලා. යහපාලනය ගැන මහ ඉහළින් කථා කරන මෛත්‍රීපාල මහතා පසුගිය කාලයේ ඔවුන්ගේ සහෝදරයන් කළ වැරදි සැඟවීමට උත්සාහ කළේ මේ නිසාදැයි සැකයක් මතුවෙනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p