ජපානයේ හිටපු අගමැති දැවැන්ත ජයක් අභියස

December 15, 2014

ජපානයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිටපු අගමැති ෂින්සෝ අබේගේ පක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක් හිමිවන ලකුණු පවතින බව විදෙස් පුවත් සේවා පවසයි.

තම ආර්ථික ප්‍රතිසංස්කරණ නංවනු වස් අගමැතිවරයා හදිසි මැතිවරණයක් කැඳවූ අතර, ආසන 475ක් වෙනුවෙන්, අපේක්ෂකයන් 1,191 දෙනෙක් මෙවර මැතිවරණය වෙනුවෙන් තරග කරයි.

2012 වසරේදී බලයට පත් අබේ නව ප්‍රතිසංස්කරණ හරහා ආර්ථිකයට මුක්කුවක් ගැසීමට සමත් වුවත්, මෙම වසරේ දෙවැනි භාගය වනවිට එරට ආර්ථිකයේ පසුබැස්මක් පෙන්නුම් කළේය.

කෙසේ වෙතත්, දැනට පවතින ප්‍රතිඵල අනුව අබේ නියෝජනය කරන සන්ධානය සුවිශේෂී ජයග්‍රහණයක් ලබනු ඇති බව වාර්තාවේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p