ආණ්ඩුවේ විදේශ ප‍්‍රතිපත්තිය මොන තරම් මෝඩ එකක්ද?

December 14, 2014

රාජපක්ෂ අණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය අතිශය මුග්ධ එකක් බවත්, එය රටේ ජනතාවගේ ආනාගත සුරක්ෂිතතාව අනතුරුට ඇද දමා ඇති බවත්, වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි.

අද (14) මරදාන සමාජ හා සාමයීක කේන්ද්‍රයේ දී පැවති විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හමුවකදී ඔහු මෙලෙස පැවසීය.

වෑඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා

‘‘ ජේ. ආර් ගේ ආණ්ඩුව ඉරණවිල භූමියේ ඇමෙරිකන් හඬ හදන්න බිම් කොටසක් ඇමෙරිකාවට දීලා තියෙන නිසා ඒක තුලනය වෙන්න චීනයටත් ලංකාවේ කෑල්ලක් දෙන්න ඕන කියලා විමල් වීරවංශ ඇමතිවරයා කියනවා. ඔහු කියන්නේ ලෝක ධනවතුන් අතර තරගයක් තියෙන කොට එක පාර්ශවයක් වෙනුවට හැම බලවතාටම ලංකාවෙන් කෑලි දෙන්න ඕක කියලා. ආණ්ඩුවේ විදේශ ප‍්‍රතිපත්තිය මොන තරම් මෝඩ එකක්ද? විශේෂයෙන් ලංකාවේ ජනතාව මොනතරම් අනතුරකට ඇඳල දානවද කියන එක මේකෙන් පැහැදිලියි. ඉස්සර රජවරු කලේ එක ආක‍්‍රමණිකයෙක් වෙනුවට ඒ ආක‍්‍රමණිකයා එළවා දමන්න වෙන ආක‍්‍රමණිකයෙක් කැඳවා ගන්න එක. පෘතුගීසින් එළවලා ලන්දේසින්ට මුහුදු බඩ ප‍්‍රදේශ දෙන්න දෙවැනි රාජසිංහ රජ්ජුරුවෝ අත්සන් කරපු වෙස්ට්ෆෝල්ඞ්-රාජසිංහ ගිවිසුම පාවා දීමක් කියපු වීරවංශම තමයි මේක කියන්නේ. ඒ ගිවිසුම මෝඩකමක් කියපු වීරවංශම තමයි මේක කියන්නේ. ඒ ගිවිසුම පාවා දීමක් නම් මේ ආණ්ුඩව කරන්නේ දෙගුණයක පවා දීමක්. ඒ ගිවිසුම මෝඩකමක් නම් මේ ආණ්ඩුවේ විදෙස් ප‍්‍රතිපත්තිය දෙගුණයක මෝඩකමක්.

ඇමෙරිකාවට ලංකාවේ කොටසක් ලියලා දීලා තිබෙන නිසා ඒක බේරන්න චීනයටත් කොටසක් දෙන එකද, ආණ්ඩුවේ විදෙස් ප‍්‍රතිපත්තිය? මෙකෙන් වෙන්නේ අන්තර් අධීරාජ්‍ය යුද්ධය රට තුලටම කැන්ද ගන්න එක, රටේ ජනතතාවගේ ජීවිත අවධානමේ දාන එක. ජේ. ආර් ගේ ආණ්ඩුව විතරක් නොවේ මේ ආණ්ඩුවත් ඇමෙරිකාවට ලංකාවේ කොටස් දුන්නා. යුද්ධයක් වෙලාවට ලංකාවේ වරාවල් ඇමෙරිකාවේ හමුදාවට පාවිච්චි කරන්න දෙනවා කියලා ආණ්ඩුව 2006 දී ගිවිසුමක් අත්සන් කලා. ලංකාවේ වරායවල් චීනයේ නව සේද මාවත උපාය මාර්ග වලට පාවිච්චි කරන්න දෙනවා කියලා 2014 දී චීනයේ ජනාධිපති ජනාධිපතිත් එක්ක ගිවිසුම් අත්සන් කලා. එකම වරාය දෙපැත්තටම පොරොන්දු වෙලා ඒ දෙපැත්ත යුද්ධ කරන කොට දෙපැත්තෙන්ම ගුටි කන්න වෙනවා. ලංකාව චීනයට විවෘත කරන ගමන් ඇමෙරිකාවේ හිත ගන්න කියලා ඇමෙරිකානු මහජන සම්බන්ධතා සමාගමට මහජන මුදලින් කෝටි ගනන් ගෙවනවා. 17 වන සියවසේ රාජසිංහ රජ්ජුරුවෝ වෙනුවට මේ ආණ්ඩුව තිබුණානම් බලය තුලනය කරන්න කියලා පෘතිගීසින්ට කෑල්ලකුයි, ලන්දේසින්ට කෑල්ලකුයි දේ. එදා කරපු මෝඩකමට මිනිස්සු කීවේ ඉගුරු දීලා මිරිස් ගත්තා කියාලා. දැන් කරන්නේ ඉගුරුත් තියාගෙන මිරිස් ගන්න එක. අන්තිමට දනවෝ දනවෝ කියලා කෑ ගන්න වෙන්නේ රටේ ජනතාවට.

ලංකාවේ ඇමෙරිකානු කොලනියක් කරන්න යන එජාපයත්, ලංකාව චීන කොලනියක් කරන්න යන සන්ධානයත්, දෙකම ප‍්‍රතික්ශේප කරන්න ඕන. මොන අධිරාජ්‍යවාදීයාටවත් ගැති නොවී ඇත්ත ජාත්‍යන්තර විදෙස් ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරන්න පුළුවන් වමේ ව්‍යාපාරයකට විතරයි. මේ අධිරාජ්‍ය ගැති විදෙස් ප‍්‍රතිපත්තියට විකල්පය ඇත්තේ වමේ විතරයි. රටේ ජනතාවගේ අනාගත සුරක්ෂිතතාවය රැුක ගන්න පුළුවන් වෙන්නේ වමේ බලයක් ගොඩ නැඟීමෙන් විතරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p