මූණු මාරුව වෙනුවට, ක‍්‍රම මාරුවට සැරසෙමු! වමේ බලයක් ගොඩනගමු!

December 10, 2014

වමේ පෙරමුණ විසින් ජනාධිපතිවරණය ඉලක්ක කරමින් සංවිධානය කරන ලද පලමු රෑළිය ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේදී ඊයේ 09 දින පෑවෑත්වින. මේ සදහා වාමාංශික දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීය.

මෙහිදී අදහස් දැක්වූ වමේ ජනපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගිය හැකි එකම මාවත වමේ බලයක් ගොඩනැගීම බව පෑවසීය.
මූණු මාරුව වෙනුවට, ක‍්‍රම මාරුවට සැරසෙමු! වමේ බලයක් ගොඩනගමු! තේමාව යටතේ වමේ පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මෙම රැලිය සදහා සහභාගී වු වාමාංශික දේශපාලන පක්ෂ නායකයින් මෙසේ අදහස් දෑක්වීය

වමේ ජනපති  අපේක්ෂක දුමින්ද නාගමුව මහතා

1

මේ වෙනකොට දේශපාලන පොරපිටිය විස්සයි විස්සෙ මැච් එකක් වගේ වෙලා. ඒ පැත්තෙන් මේපැත්තට පනිනවා. මේ පැත්තෙන් ඒ පැත්තට පනිනවා. හැමෝම බලාගෙන ඉන්නෙ කොයි පැත්තෙන් හයේ හතරෙ පහර වැදෙයිද කියලා. තිස්ස අත්තනායක මෙහෙට එනකොට හිරුණිකා අනිත් පැත්තට යනවා. ජනතාව මේ සෙල්ලම නරඹන්නන් බවට පත්වෙලා. ඒ විනෝදය තමයි දැන් රටේ විනෝදය වෙලා තියෙන්නෙ. හැමෝම බලාගෙන ඉන්නෙ පනින්නෙ කවුද පනින ගාන මොකක්ද කියන එක දිහා. මේ සංවාදයට අද අකුණු පහරක් අවශ්‍යයයි. වමේ දේශපාලන මතවාදයක් ගොඩ නගන වමේ බලයක් ගොඩනගන වමේ පොදු අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කළේ ඒ නිසා.
එක පැත්තකින් ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධයක් ගැන කියමින් ඡුන්දයට ඇවිත් තිබෙනවා. මේක බොරු අධිරාජ්‍ය විරෝධයක්. 2006 දී රාජපක්ෂ ආණ්ඩුව ඇමරිකාව එක්ක ගිවිසුමක් ගැහුවා. ලංකාවේ  ඕනෑම වරායකට ඇමරිකානු යුද නෞකාවලට ඇතුලූ වෙන්න ඒකෙන් අවසර දුන්නා. දැන් චීනෙත් එක්ක ගිවිසු් 28 ක් ගහලා තියෙනවා. මේ ගිවිසුම් හින්දා ආර්ථික වාසි ලැබෙනවා කියනවා ලංකාවට. ලංකාවයි චීනයයි අතර වෙලදාම ගත්තම ලංකාවෙන් චීනයට සියයට තුනක අපනයනය වෙද්දී චීනයෙන් ලංකාව සියයට දාසයක් ගෙන්නනවා. මේ වගේ තත්වයකදී ඇතිවෙන ගණුදෙනුවක් වාසිවෙන්නෙ කාටද කියන එක පැහැදිලියි. චීනයට අද රට පාවලා දීලයි තියෙන්නෙ.
මේ ආණ්ඩුව එක රාජ්‍ය ආයතනයක්වත් විකුණලා නැහැලූ. 1977 දී නව ලිබරල් ධනවාදය ආපුවාම කියුවා හැමදේම විකුණපං, විකූණපං කියලා. ඒත් 2008 ඇමරිකාව ආර්ථික අර්බුදයකට ගියා. එතැනදී පුද්ගලික අංශය කඩාගෙන වැටෙනකොට ඒවා බේරගත්තෙ රාජ්‍යය. ඒ හින්දා ලෝක පරිමාණවනව ලිබරල් ධනවාදී උපක‍්‍රමවල වෙනසක් වෙලා තියෙනවා. රාජ්‍ය අංශයත් යම් ප‍්‍රමාණයකින් පවත්වගෙන යන්න  ඕනෙ කියලා මතය හැදිලා තියෙනවා. මේ ගොල්ලෝ මේ වැඩකරමින් ඉන්නේ ඒ විදිහට සිදුවෙච්ච වෙනස්කම් හන්දා මිස අධිරාජ්‍ය විරෝධයක් හන්දා නෙමෙයි.
ඊයේ පෙරේදා ඉන්දියාවේ ආරක්ෂක ඔත්තු ප‍්‍රධානියා ලංකාවට ආවා. ඇවිල්ලා මෛත‍්‍රීපාලවයි රාජපක්ෂවයි හම්බුණා. දෙමළ ජනතාව නියෝජනය කරනවා කියන පක්ෂ ඉන්දියාවට කැඳවලා උපදෙස් දුන්නා. අද ඇමරිකාවයි චීනයයි අතර ඇතිවෙලා තියෙන බල අරගලයක හරිමැදට ලංකාව තල්ලූ කරලා දාලා තියෙනවා. ඒක තමයි රාජපක්ෂ ආණ්ඩුව කරලා තියෙන්නෙ.
මේක පැහැදිලිවම ඒකාධිපති ආණ්ඩුවක්. මාධ්‍යවේදීන්ට ගහපු හැටි අපි දැක්කා. සමහර මාධ්‍ය වේදීන්ට රට දාලා යන්න සිද්ධඋනා. තමිල් මුස්ලිම් ජනතාවට එරෙහිව විශාල පීඩනයක් මුදාහැරලා තියෙනවා. අවුරුදු තිහක යුද්ධයට පස්සේ දැන් තාමත් උතුරේ හන්දියක් හන්දියක් ගානේ හමුදා කඳවුරු දාලා තමිල් ජනතාව මත බලහත්කාරය මුදාහැරලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව මර්දනය කරනවා. අරගල කරපු ධීවරයින්ට කම්කරුවන්ට රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. ඒ හන්දා මේ ආණ්ඩුව එලවන්න  ඕනෙ.
ආණ්ඩුව එලවන්න කියලා රටේ තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇත්ත ප‍්‍රශ්නය දඩමීමා කරගෙන අලූත් කඳවුරක් ඇතිවෙලා තියෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා ඒ අය කියනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන එක ගැන වමට කිසි විවාදයක් නැහැ. හැබැයි අපි කියනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය  ඕකට ලඝු කරන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මෙයාලා හදලා තියෙනවා සුප්එකක්. මේ සුප්එකේ නැහැ වැඩකරන ජනතාවගේ ප‍්‍රශ්නය. නිර්ධන පංතියේ ප‍්‍රශ්නය. චම්පික රණවකගේ ජාතිවාදය මේ සුප්එකේ තියෙනවා. ජනතාවගේ අපේක්ෂාවන්ට වංචා කරලා බල හුවමාරුවකට ලෑස්ති වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගිය හැකි එකම මාවත වමේ බලයක් ගොඩනැගීමයි. සමාජවාදය සඳහා වූ වැඩපිලිවෙලක් තමයි අපේ විසඳුම. අපි ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නරඹන්නන් නොවී ක‍්‍රියාකාරීව මේ ක‍්‍රියාවලියට දායක වෙන්න කියලා.

 

ආචාර්ය සුමනසිරි ලියනගේ මහතා

2

 

මේ වෙලාවේ රටේ බොහොම දෙනෙක් කල්පනා කරනවා අඩුම තරමින් මහින්ද රාජපක්ෂ පරදවමු කියලා. මේක හොඳ අදහසක්. මේ වගේ දේවල් 1994 දී 2002 දී වගේම 2005 දීත් අපි කරලා තියෙනවා. හැබැයි ඒ අවස්ථාවල කවුරු දින්නත් ගොවීන් කම්කරුවන් ශිෂ්‍යයන් අද්දරට තල්ලූ වූ ජනතාව ආදී පීඩිත ජන කොටස්වලට හිමිවූයේ පරාජය. නිකම්ම නිකම් මූණු මාරුකරන මේක‍්‍රමය වෙනුවට ක‍්‍රමය වෙනස්කරන දේශපාලනය අපිට අවශ්‍යවෙලා තියෙන්නේ ඒ නිසා.
මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පළල් කරන්න සටන් කළේ කවුද? ඔය ස්ටේජ්වල ඉන්න අයද? ඒ අරගලය කළේ මේ රටේ දුක්විඳින ජනතාව. පහළ සමාජ තීරු තමා සටන් කළේ. විශ‍්‍රාම වැටුප් අයිතිය වෙනුවෙන් කම්කරුවෝ සටන් කළා. අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ශිෂ්‍යයෝ සටන් කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනාගන්න පුලූවන්මේ පහළ සමාජ තීරු තුළින් මතු වෙනසට නකින් විතරයි.
සේනක බිබිලේ සකස් කරපු ඖෂධ ප‍්‍රතිපත්තියට අද මොකද වෙලා තියෙන්නෙ? අද මෛත‍්‍රීපාලගේ ව්‍යාපෘතිය වෙනුවෙන් මගේ මිත‍්‍ර විශ්වවිද්‍යාල ආචාර්යවරු බොහෝ දෙනෙක් වෙහෙසෙනවා. කොච්චර මෛත‍්‍රීපාල උන්නැහේ පිටිපස්සේ ගියත් අඩු තරමින් අධ්‍යාපනයට සියයට හයක්වෙන් කළයුතුයි කියන එකවත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට දාගන්න අසමත්වෙලා තියෙනවා. එහෙම නොකරන මෛත‍්‍රීපාල උන්නැහේ හෙළ උරුමය කියන  ඕනේ දෙයක් තමන්ගේ සාක්කුව ඇතුලේ රිංගවා ගන්නවා. මේ ජනවාරි අටවෙනිදා අපි දේශපාලන කැරැුල්ලක් ගැසිය යුතුයි. මේක ව්‍යවස්ථාපිත කැරැුල්ලක්. කිසිම ධනපති අපේක්ෂකයෙක්ට ඡුන්ද ප‍්‍රතිශතය සියයට හතලිහ ඉක්මවා යන්න දෙන්න එපා. මේ රටේ දේශපාලනය වෙනස්කරන කැරැුල්ල අපි එතැනින් පටන් ගනිමු.          

 

 

නව සමසමාජ පක්ෂයේ ලීනස් ජයතිලක  මහතා 

 

3

 

පාර්ලිමේන්තු ප‍්‍රජාන්ත‍්‍රවාදය ධනපති දේශපාලනය විශාල පරිහානියකට පත්වීම අවසනාවන්ත දෙයක් නෙවෙයි. ඒක අපට විශාල සතුටක්. වමේ බලයක්් ගොඩනැඟීම තමයි අපට කරන්න තියෙන්නේ. විධායක ක‍්‍රමය අහෝසි කිරීමට විපක්ෂය කතා කරනවා. අටවලා තියෙන උපක‍්‍රමය කුමක්ද? මේක මිනිසුන් නොම ඟයැවීමක්. 1964 වනවිට වමේ ව්‍යාපරයට විශාල බලයක් තිබුණා. 21 අරගලයට සුදානම් වෙලා ඉන්නකොට එදා ධනපති නායිකාවට උපදේශකයෝ කීවේ වමේ ව්‍යාපාරය මර්ධනය කරන්න කියලා. නමුත් ඒ වෙලාවේ ඇය සුක්ෂම ලෙස වමේ නායකයෝ සමඟ සම්මුතියකට එලඹුනා. වමේ නායකයෝ වමේ ව්‍යාපාරය පවාදුන්නා.
    ඉදිරියේදී වැදගත් කටයුත්තක් තියෙනවා. කිසිඳු විකල්පයක් විරුද්ධ පක්ෂයකට මුක්කු ගහන ජාතිවාදී කල්ලි විකල්පයකින් අභියෝගයට මුහුණ දෙන්න බැහැ. වමේ විකල්පයක් අප ඉදිරියේ තියෙනවා. පැහැදිලිවම අපේ ජනතාවගේ බලය ශක්තිය ගොඩ නඟන්න  ඕන. මේ ක‍්‍රමයට විරුද්ධව ගොඩ නැෙඟන අවශ්‍යතාවයක් ගැමි ගොවියාගේ අයිතිය දිනාගැනීමට වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවය මත ගොවි, ධීවර ජනතාවගේ අවශ්‍යතා ඉටුකරන්න පුළුවන්ව මේ වේදිකාවක් හරහායි. මේ කතිකාව දුමින්ද නාගමුව සහෝදරයා හරහා රට පුරා ගෙනයාමට හැකියාව ලැබෙනවා.

 

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ හේමමාලි අබේරත්න

 

33

 

අද මේ රටේ කාන්තාවන්ගේ තත්වය මොකද්ද? ලංකාවේ ආර්ථිකයේ වැඩිම බරක් දරන්නේ කාන්තාවෝ. මැදපෙරදිග විදේශ විනිමය හොයන්නේ කාන්තාවෝ. රිසානා, නාෆීක්ගේ ඉදලා දන්න නොදන්න ජීවිත මේ මහපොලොවේදී අපහරණයට ලක් වන සහොද්රියන්ගේ ජීවිතවලට මේ ක‍්‍රමය වන්දි ගෙවනවද, මේ සමාජ ක‍්‍රමය ඇතුලේ ඒවට උත්තර නැහැ. මේ මොහොතේදී කාන්තාවන් කීදෙනෙක් ලිංගික අපහරණයට ලක් වෙනවද, රත්පුරේ සහොදරිය, වාරියපොල සහෝදරිය පෙන්වන්නේ මේ පීඩාව. නමුත් වෙනත් දේශපාලන කතිකාවක ඉන්න සමාජය ඇයටම ඇඟිල්ල දිගු කරනවා.
    අපට සටනක් තියෙනවා. තනිව කරන්න පුළුවන් එකක් නෙවෙයි. වමේ ව්‍යාපරය වමේ පෙරමුණක් ඇතුලේ උත්තර හොයන්න මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න. මේ පවතින ක‍්‍රමය ඔබේ ප‍්‍රශ්නවලට උත්තර නැහැ. ඔබ සිටින්නේ හීනයක. මේ හීනෙන් අවදිවන්න.

 

24 DSC_0606 DSC_0590 c

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p