බෙවර්ලි ස්ට්‍රීට් නවතම ශාඛාව රාජගිරියේදී

December 8, 2014

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා අලෙවිසැල් ජාලයක් වන බෙවර්ලි ස්ට්‍රීට් හි නවතම ශාඛාව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේදී විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවට ආරාධිත අමුත්තාවූ ආරක්ෂක ලේකම්වරයා පැමිණීමෙන් අනතුරුව‍ පීත්ත පටිය කපා සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් මෙම ශාඛාව විවෘත කරනු ලැබීය. ඉන්පසුව රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම වෙළඳසැලේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.

මහල් 4 කින් හා බිම් මහලකින් සමන්විත මෙම අලංකාර වූ නවීන පන්නයේ ගොඩනැගිලි සංකීර්ණය බෙවර්ලි ස්ට්‍රීට් හි නවතම විලාසිතා එකතුව සමගින් සිය පාරිභෝගිකයින්ගේ මනදොල පිනවීම සඳහා විශාල සංඛ්‍යාවක අද්විතීය මෝස්තර රැසක් ඉදිරිපත් කර තිබුණු අතර සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සියල්ල එකම වහලක් යටදී සැපිරීමේ අරමුණින් යුතුව මෙම වෙළද මධ්‍යස්ථානය නිමවා තිබේ. කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා එහි අභ්‍යන්තරයේම වෙන් කළ කොටසකින් මෙන්ම නිය අලංකරණ මධ්‍යස්ථානයකින්ද සමන්විත මෙම වෙළඳ සංකීර්ණය මහල් දෙකක් පුරාවට විහිදී ඇති අවන්හලකින්ද සමන්විතය. එමෙන්ම එයට Fine dining අංශයක්ද අන්තර්ගත වන අතර එහිදී දිවයිනේ කීර්තිමත් සූපවේදීන් විසින් විවිධ වට්ටෝරුවලට අනුව සාදන ලද විවිධ ආහාරපානවල රස බැලීමටද මෙම වෙළඳසැල කරා එන පාරිභෝගිකයිනට හැකියාව ඇත. විශාල ප්‍රමාණයක ඉඩකඩක් සහිත කාර්යාල පරිශ්‍රයකින්ද සමන්විත මෙහි රථ වාහන 50ක් පමණ නවතා තැබීමේ පහසුකම්ද ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p