නවලිබරල්වාදය සහ විධායක ක‍්‍රමය පරාජය කිරීමට එක්වන්න

December 2, 2014

නවලිබරල්වාදය සහ ඒක රකින විධායක ක‍්‍රමය පරාජය කිරීමට තමන් වටා ඒක රාශි වන ලෙස ජනතාව හමුවේ ඉල්ලා සිටින බව වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි. ඔහු මේ ප‍්‍රකාශය සිදු කළේ  (30) පොලොන්නරරුවේ පැවැති සම්මන්ත‍්‍රණයකදීය.


වෑඩි දුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මෙසේ පෑවසීය


මහින්ද රාජපක්ෂ ක‍්‍රියාවට නගමින් ඉන්නෙත් 1977 බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරපු නව ලිබරල් ධනවාදී ආර්ථිකයයි. ලෝකයේ අධිරාජයවාදී ධනපති ක‍්‍රමය ලංකාවේ ක‍්‍රියාත්මක වෙන්නෙ ඒ හරහා බව අමතක කරන්න බෑ. මහින්ද අධිරාජ්‍යවාදය ගැන මොනවා කිව්වත් ඒක වෙනස් කළේ නෑ. අධිරාජයවාදයට එරෙහි මහින්දම තමයි ඒ අධිරාජ්‍යවාදයේ ලංකාවට අදාළ වැඩපිලිවෙළ ඉදිරියට ගෙනයන්නෙ. දැන් ඉදිරි ජනාධිපතිවරණයෙදි මහින්ද අපේක්ෂකයා හැටියට තුනවෙනි පාර එන්නෙ ඒක වෙනස්කරන්න කියලද? නෑ. එහෙම නැත්නම් මෙතෙක් මහින්ද එක්ක හිටිය මෛත‍්‍රිපාල සිරිසේන මොකද කියන්නෙ. එයා ජනාධිපතිවරණයට එන්නෙ නවලිබරල් ධනවාදය වැරදියි කියලා ඒක වෙනස් කරනවා කියන පොරොන්දුව දෙන්නද? නෑ එයා එන්නෙත් ඒක ක‍්‍රියාත්මක කරන්නයි. මෛත‍්‍රිපාල සිරිසේන පසුපස ඉන්න චන්‍්‍රිකාලා රනිල්ලා කියන්නෙ මේ ආර්ථික ක‍්‍රමය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කැපවුණු ලංකාවෙ නියෝජිතයෝ. චන්ද්‍රිකා 1994දි බලයට ආවෙ විවෘත් ආර්තිකයට මානුසික මූණක් දෙනවා කියලා. ඒක කොහොමද? පටන් ගත්තෙම ඇන්සල් ලංකා කම්කරුවන්ගෙ ඉල්ලීම්වලට වෙඩි උන්ඩ‍ෙන් උත්තර දීලා.

නවලිබරල් ධනවාදයේ, එහෙම නැත්නම් විවෘත ආර්ථිකය හැටියට 77 හඳුන්වා දුන්න චන්ද්‍රිකා කියපු මානුෂික මුහුණුවර එහෙමයි. කටුනායකදි කම්කරුවන්ට වෙඩි තියපු, හලාවතදි ධීවරයන්ට වෙඩි තියපු, රතුපස්වලදි ජනතා උද්ඝෝෂණයකට වෙඩි තියපු මහින්දගෙ ප‍්‍රතිපත්තියත් ඒකමයි. නවලිබරල් ධනවාදය ඉදිරියට ගෙනයන්න තමයා විධායක ජනාදිපති ක‍්‍රමය හඳුන්වා දුන්නෙ. එක් පුද්ගලයකු වටා බලය ඒකරාහි කලේ අත්තනෝමතික පාලකයකු හඳුන්වා දුන්නෙ ඒකටයි. ඇයි එහෙම පාලකයෙක්  ඕන. නවලිබරල් ධනවාදය ක‍්‍රියාවට නඟන්න යද්දි ඇතිවන නැගිටීම්, සමාජ විරෝධය පාගලා ඒ වැඩපිලිවෙළ ඉදිරියට ගෙනයන්න අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවය ඉටු කරන්නයි විධායක බලය  ඕන. ජනතාව විසින් විධායක බලය ඇති නායකයො පත්කරන්න චන්දය දීලා හතරපාරක් අත්හදා බලලා තියෙනවා. ඒ පාලකයන් ඒකාදිපතියන් බවට පත් වුණාම නැවත ඒ අය ඉවත් කරන්න පාරට බහින්න, චන්දය දෙන්න ජනතාවට සිදු වෙනවා. ඒ නායකයන්ගෙ පුද්ගලික හේතු නිසා පමනක් නෙවෙයි මේ ඒකාදිපති පාලන ක‍්‍රමය පවත්වාගෙන යන්නෙ. ජනතාවට වාසිදායක නැති අධිරාජ්‍යවාදයට, ධනපතියන්ට විතරක් වාසි ගෙන දෙන මේ වැරදි ආර්ථික පිළිවෙත, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට, නිදහස් අදහස් සහිතව, විනිවිදභාවයෙන් ක‍්‍රියාත්මක කරන්න බෑ. මේ නවලිබරල් ආර්ථිකය නඩත්තු කරන්න වෙන්නෙ අත්නෝමතික බලයකින් තමයි. මේක අපිට අවුරුදු 36ක් තිස්සෙම ඔප්පු වෙලා තියෙන කාරණයක්.

1977 පටන් ගත්ත වැඬේ විවිධ හේතු නිසා දිගටම ඉදිරියට අරන් යන්න මේ රටේ පාලකයන්ට බැරි වුණා. 1994 ඉඳලා ඒක ඉදිරියට ගෙනයන්න චන්ද්‍රිකා උත්සාහ කළා. රනිල් උත්සාහ කළා. නමුත් විවිධ විරෝධතා හා දේශපාලන හේතු නිසා බාධා නිසා බැරි වුණා. එක පැත්තකින් උතුරේ පීඩිත ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න අසමත් පාලකයන්ට එරෙහිව ඇතිවුනු සන්නද්ධ අරගලය නිසා දිග්ගැසුණු යුද්ධය. ඒ යුද්ධය නිසා උතුරේ නවලිබරල් ධනවාදය ක‍්‍රියාවට නගන්න බැරි වුනා. අනෙක් පැත්තෙන් දකුණේ මතු වුණු විරෝධය නවලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරන ඉදිරියට ගෙනයන්න අසත් වුණා. දැන් යුද්ධය ඉවර වෙලා මහින් රාජපක්ෂ උතුරේ සංවර්ධනය කියලා කරන්නෙ මොනවද? රටපුරාම යටිතල පහසුකම් දියුණු කරන්නෙ මොකටද? මේ රටේ නවලිබරල් ධනවාදය ශක්තිමත් කරන්න. සංචාරක ව්‍යාපාරයයි, කැසිනෝ සහ වෙනත් පාතාල ආර්ථික කටයුතු හරහා අධිරාජයවාදයේ යටත්විජිතයක් ලෙස පවත්වාගෙන යන්නයි මේ සේරම කරන්නෙ. රටේ පුරවැසියන් ණයකාරයන් බවට පත් කරලා මේක කරන්නෙ. ඒක තමයි නවලිබරල් ධනවාදයේ ලස්සනවට නගර හදන, පාරවල් හදන සංවර්ධනය. මේක පසුපස ඇති මායාව අපි වටහා ගතයුතුයි.

එහෙම නම් එක් වෙනස් කරන්න මෛත‍්‍රිපාලලාට, රනිල්ට, චන්ද්‍රිකාට පුලූවන්ද. මහින්ද තුන්වෙනි පාරටත් පත්කළා කියලා මේක වෙනස් කරවනවද? නෑ. පරණ පාරෙම යන්නයි මේ අය තරගයට එන්නෙ. අපිට වෙනස් කරන්න වෙන්නෙ මේ නියෝජිතයො නෙවෙයි. නවලිබරල් ධනවාදයයි වෙනස් කරන්න  ඕන. අපි වමේ අපේක්ෂකයෙක් හැටියට තරගයට ආවේ ඒ කාරණය ජනතාවට කියන්න. වෙනස්කම ඇත්තටම කරන විධිය ජනතාව එක්ක කතාකරන්න අපි සූදානම්. විකල්ප විසඳුම්, මේ නවලිබරල් ධනවාදය වෙනුවට ඇත්ත විසඳුම් ලබා දෙන සමාජ ආර්ථික ක‍්‍රමයක් වෙනුවෙන් අපි තරග කරන්නෙ.  මේ ක‍්‍රමය දිගටම පවත්වාගෙන යනවා නම් අපට විසඳුම් ලැබෙන්නෙ නෑ. විසඳුම් ඉක්මනින් අවශ්‍ය බව අපි කවුරුත් කියලනවා. නමුත් ඒ වෙනුවෙන් පියවරක් ඉදිරියට ගන්න  ඕන. ඒ පියවර හෝ මේ ජනාදිපතිවරණයෙදි ගන්න ඔබ සූදානම් වියයුතුයි.

මේ රටේ ජනතාවට අපි කියන්නෙ, වමේ පොදු අපේක්ෂකයා හැටියට අපි හැමෝම පෙළන මේ රාජපක්ෂලාගේ අත්තනෝමතික පාලනයේ, ඔවුන් රකින සමාජ ආර්ථික ක‍්‍රමයේ ප‍්‍රශ්නවලට ඇත්ත විසඳුම් ගැන කතා කරන්න, ඇත්ත විසඳුම් වෙනුවෙන් ක‍්‍රියාත්මක වෙන්න කියන පනිවිඩය අපි ජනතාවට දෙනවා. අපි කියන්නෙ ජනතාවට වාසිදායක නැති අධිරාජ්‍යවාදයට, ධනපතියන්ට විතරක් වාසි ගෙන දෙන මේ වැරදි ආර්ථික පිළිවෙත පරාජය කරන්න  ඕන.  නවලිබරල්වාදය සහ ඒක රකින විධායක ක‍්‍රමය එකවර පරාජය කරන්න  ඕන ඒ වෙනුවෙන් වමේ පොදු අපේක්ෂකයා වටා ඒක රාශි වෙන්න ඡන්දය ප‍්‍රකාශ කරන්න කියන ඉල්ලීම අපි ජනතාව හමුවේ තබනවා.

DSC00177 DSC00179 DSC00180 DSC00181

Sammy

Previous story Next story

Leave a comment

t

o

p