පුතු මැරූ පළිය ගන්නට ඇෆ්ගන් මවක් තලේබාන්වරුන් 25ක් මරයි

December 1, 2014

තලේබාන් ප‍්‍රහාරයකදී සිය පුතු මියයනු දුටු මවක් සටන්කාමීන් 25ක් මරා දමමින් සටන් කළ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වේ.

නොවැම්බර් 17වනදා උදෑසන බටහිර ඇෆ්ගනිස්ථානයේ ෆාරා ප‍්‍රාන්තයේ ඉරාන දේශසීමාවට යාබදව පිහිටා ඇති බලාබොලොක් දිස්ත‍්‍රික්කයට මෙම ප‍්‍රහාරය එල්ලවී තිබේ.

රීසා ගුල් පවසා ඇත්තේ පොලිසියේ සේවය කළ සිය පුතු රාජකාරි කළ මුරපොළ තලේබාන් ප‍්‍රහාරයට ලක්වන විට වේලාව පෙරවරු 5 පමණ වූ බවයි.

සටන තීව‍්‍ර වූ පසු තමන්ට බලා සිටීමට නොහැකිවූ බවත් ගිනි අවියක් රුගෙන මුරපොළට ගොස් තලේබාන්වරුන්ට වෙඩි තැබීමට පටන් ගත් බවත් ඇය පවසා තිබේ.

තම පුතු සෆියුල්ලා වෙඩි පහරකින් මරුමුවට පත්වනු දුටු රීසා දාරක ස්නේහයෙන් යුතුව වඩාත් තීව‍්‍රව සටන් කර ඇති අතර ඇගේ සැමියා, දියණිය සහ කුඩා පුතු ඇතුළු පවුලේ සියලූදෙනාම රීසාට උණ්ඩ සපයමින් ආධාර කළ බව පැවසේ.

රීසාගේ සැමියා වන අබ්දුල් සටාර් පවසා ඇත්තේ සිය පුතුගේ මළ සිරුර පසෙකට ඇද දැමූ ඔහුද සටන් වැදීමට වූ බවයි.  මේ පුවත ප‍්‍රාන්ත පොලිස් ප‍්‍රධානි අබ්දුල් රසාක් යගුබි විසින්ද තහවුරු කර තිබ්.

ඔහු පවසා ඇත්තේ තලේබාන් සටන්කාමීන් 400ක් පමණ මෙම ප‍්‍රහාරය සඳහා පැමිණ ඇති බවයි.

බලාබලොක් පොලිස් මුරපොළට තදබල ප‍්‍රහාරයක් එල්ල වුවද සෆියුල්ලාගේ මවගේ නිර්භීතකම සෙසු භටයින්ට ඉමහත් ධෛර්යයක් එක්කළ බවත් අවසානයේදී සටන්කාමීන් 25ක් මරා දමමින් ඔවුන් පසුබැස්වීමට සමත්වූ බවත් ඔහු පවසා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p