තවත් නවතම බස් රථ 5ක් යාපනයට

November 30, 2014

ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් නව බස් රථ 5ක් යාපනය බස් නැවතුම් පොළ වෙත ලබා දී ඇත. මෙම බස් රථ දිනපතා දුරගමන් සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත.
සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (27) මෙම බස් රථ යාපනය ඩිපෝවට භාර දෙන ලදී.
මෙම බස් රථවලින් බස් රථ 2ක් යාපනය සිට මහනුවර දක්වා ද තවත් බස් රථයක් යාපනය සිට අක්කරපත්තුව දක්වා ද ගමන් කරන අතර තවත් බස් රථයක් යාපනය සිට ත්‍රීකුණාමලය දක්වා ද ඉතුරු බස් රථය යාපනය සිට පොතුවිල් දක්වා ද ගමන් කරමින් මඟීන්ට ප්‍රවාහන පහසුකම් සලසනු ඇත.
මෙම බස් රථ පසුගිය සිකුරාදා (28) සිට සිය ප්‍රවාහන සේවා සැපයීම ආරම්භ කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p