මෛත‍්‍රීට වඩා මහින්ද ඉදිරියෙන් – දයාන්

November 28, 2014

පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන තරග බිමට පැමිණියත් තවමත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩ කඩ ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂට බව දේශපාලන විචාරකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

ගැමි ගොවි පදනමකින් පැමිණි, ජනතාවට ඉතා සමීප දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් ඇති මෛත්‍රීපාල සිරිසේන වැනි චරිතයක්, පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ජනාධිපතිවරණය ඉතා තරගකාරී එකක් බවට පත්ව ඇති බව ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි.

‘ඔහුගේ පැමිණීම සාධනීය දෙයක්, ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සිරිසේන මහත්මයා දිනලා, රාජපක්ෂ මහත්මයා පරදියි කියලා. නමුත් මෙතන තරගයක් තියෙනවා, නොතිබිච්ච් දේශපාලන අවකාශයක් විවෘත වෙලා තියෙනවා’ ආචාර්ය දයාන් ජයතිලක පැවසීය.

– BBC

Sammy

Previous story Next story

Leave a comment

t

o

p