මගී බස් රියදුරන්ට වෙනම රියදුරු බලපත‍්‍රයක්

November 13, 2014

මගී ප‍්‍රවාහනයේ යෙදෙන සියලූම බස් රථ රියදුරන්ට ආචාරධර්ම, ප‍්‍රථමාධාර ලබාදීම පිළිබදව හා කාර්මික දැනුම ලබාදීමට කටයුතු කරක බවත් එන වසරේ සිට බරවාහන රියදුරු බලපත‍්‍රයක් ලබාගෙන වසර 02ක් ගතවනතුරු මගී බස් රථ ධාවනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් මොටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ඒ.පේ‍්‍රමජයන්ත මහතා සදහන් කරයි.

දැනට මගී බස් රථ ධාවනය කරන රියදුරන්ට මෙම පුහුණුව ලබාදීම ඊයේ 12සිට ආරම්භ කල බවත්, මෙය ලංකාව පුරාම දීපව්‍යාප්තව ක‍්‍රියාත්මක කරන බවත් ඔහු පවසයි.

මෙම පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ පසු රියදුරු බලපත‍්‍රයේ ඵ්ඨ් (ජනතාව ප‍්‍රවාහනය කරන) ලෙස සදහන් කරන බවත්,මෙම සටහන නොමැතිව ලබන වසරේ සිට බස් රථ ධාවනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් ඔහු පවසා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p