බෞද්ධ භික්‍ෂුන් යොදාගෙන සාහසික කුමන්ත‍්‍රණයක්

November 12, 2014

බෞද්ධ භික්‍ෂුන්ද යොදාගෙන රට අස්ථාවර කරන සාහසික කුමන්ත‍්‍රණයක් දියත් වෙමින් ඇති බව ජාතික පුනරුද ව්‍යාපාරය පවසයි.

මේ බව සඳහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

රට අරාජික කරන බලවේග පිටුදකිමු ! ජාතික බලවේගය පෙරට ගෙන එමු !

මේ වන විට රටපුරා ඇතිවෙමින් තිබෙන පිල් බෙදීම ඉතා පැහැදිලිවම රටට එරෙහි එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම අවස්ථාවේ සිදු වූ ආකාරයටම සිදු වෙමින් ඇති බව නොරහසකි. එල්ටීටීඊ ත්‍රස්තවාදය හරහා අපේ රට අස්ථාවර කරමින් බෙදා වෙන් කිරීමට උත්සාහ ගත් පිරිස එදා කොටියාට එරෙහි මෙහේ‍රමේදී ආණ්ඩුවට එරෙහිව බටහිර රටවල් සමග එකට සිටගත් අයුරු කිසිවකූට අමතක නැත. බටහිර රටවලින් මුදල් හා වරදාන ගත් එජාප, ජවිපෙ ඇතූලු සුළු කණ්ඩායම් ත්‍රස්තවාදය පැරදවීම සඳහා ආණ්ඩුවට සහයෝගය නොදුන් බව ජනතාවට හොඳට මතකය. රටටම සාපයක් වූ ත්‍රස්තවාදය හේතූවෙන් අහිමි වූ මිනිස් ජීවිත වෙනුවෙන් කිසිදු අනුකම්පාවක් නොතිබුන එජාප ජවිපෙ නඩය එකම වේදිකාවේ සිට රටට සාමය ගෙනා රජයට විරුද්ධව කටයුතූ කළ අයුරුද ජනතාවට හොඳට මතකය.

එළඹෙන ජනාධිපතිවරණයේදී ද මෙම කණ්ඩායම් තම සුපුරුදු නිරුවත මේ වන විට වේදිකා ගත කර ඇත. වර්තමාන ජනපතිට ව්‍යවස්ථාව අනුව ඉතා පැහැදිලිව තෙවරක් තරඟ වැදීමට හැකියාව තිබියදීත් “නීති විරෝධී ජනපතිවරණයක්” කියමින් පුහු විරෝධයක් සමාජගත කිරීමට ගන්නා ලාමක උත්සාහය මේ වන විට පුස්සක් වී ඇත්තේ ජනතා ප්‍රතික්‍ෂේප කිරීම නිසාවෙනි.

තම පටු දේශපාලන වාසිය හා දේශපාලන නාය යාම ඉවසා දරා ගත නොහැකි එජාප, ජවිපෙ වැනි සුලු කණ්ඩායම් මෙවරද උත්සාහ කරනුයේ රට අස්ථාවර කරමින් බෙදුම්වාදය පෝෂණය කිරීමට අවශ්‍ය පදනම සකස් කර දීමය. මෙම සාහසික කූමන්ත්‍රණයට මෙවර බෞද්ධ භික්ෂුන්ද යොදා ගැනීමට තරම් මෙම කණ්ඩායම මෙවර උත්සාහ දරමින් ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව මෙරට ආරක්‍ෂකයන් වන බෞද්ධ භික්ෂුව එක්ව සිටියහොත් කිසිදු පරගැති බලවේගයකට මේ රට අස්ථාවර කිරීමට හැකියාවක් නොමැති බව මෙම කණ්ඩායම් දන්නා නිසාය. බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද මංකොල්ල කා පාර්ලිමේන්තූ වරප්‍රසාද ගත් භික්ෂුන් සහ ගිහියන් මෙම දේශද්‍රෝහී කූමන්ත්‍රණයේ කොටස්කාරයන් වී සිටීම පිටුපස පවතින සත්‍යතාවය නොබෝ දිනකින් ජාතික බලවේග විසින් රට හමුවේ තැබිය යුතූ බව අපගේ ඉල්ලීමයි.

කෙසේ වුවද පවතින තීරණාත්මක තත්ත්වය අභිමුව ජාතික බලවේගය එක වේදිකාවකට ගෙන ඒමට එළඹෙන 12 වනදා ජාතික සංවිධාන එකමුතූවේ උත්සාහය අගය කරන අප සංවිධානය, ජාත්‍යන්තර බලවේග හරහා රට අරාජික කිරීමට විපක්‍ෂයේ ද්‍රෝහී කණ්ඩායම් ගන්නා උත්සාහය පරාජය කර රටට ජයග්‍රහණ ගෙන ආ හැකි නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ආණ්ඩුවේ සිටින දේශප්‍රේමී පක්‍ෂ පෙරමුණ ගත යුතූව ඇති බවත් ජාතික බලවේගය තව තවත් ශක්තිමත් විය යුතූ බවත් සඳහන් කර සිටිමු.

ස්තූතියි
මව්බිමට ජය !

සපුමල් වීරසූරිය
සභාපති

Sammy

Previous story Next story

Leave a comment

t

o

p