බීමතින් රිය පැදවූ 14ක් දැලේ

November 8, 2014

බීමතින් රිය ධාවනය කළ රියදුරන් 14 දෙනෙකු මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) රාත්‍රී මොරටුව පොලිසියේ රථවාහන අංශය විසින් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව බීමතින් රියපැදවු යතුරුපැදිකරුවන් 13 දෙනෙකු සහ එක් වෑන් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වයි.කේ. රංජිත් ජයරත්න මහතා පැවසුවේය.

මේ වසරේ ගතවු මාස කිහිපය තුළ මොරටුව පොලිස් බල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරු වලින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

රථවාහන අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම දියත් කළ බව උප පොලිස් පරීක්ෂක වයි.කේ. රංජිත් ජයරත්න මහතා පැවසුවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p