මාරාන්තික ඉබෝලා

November 7, 2014

මාරාන්තික ඉබෝලා වෛරසය පැතිරී යාමේ භයානක අභියෝගයට මුහුණ දීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ප‍්‍රකාශ කලේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෛනික වාර්තාව ද සැලකිල්ලට ගනිමින් මෙම අධ්‍යයනය සිදු කරන බවයි.

ඉබෝලා රෝගියෙකු මෙරටට ඇතුළු වීමේ තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග මේ වන විටත් කි‍්‍රයාවට නගා ඇතැයි ද ඔහු ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් යම් හෙයකින් එවැනි අවදානමකට මුහුණ දිමට සිදුවුවහොත් කෙසේ කි‍්‍රයාකල යුතු ද යන්න අවබෝධ කර ගැනීමට නිරන්තරයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහසම්බන්දයකින් කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p