දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද ගිගුරුම් සහිත වැසි

October 30, 2014

අපරභාගයේදී  සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගූරුම් සහිත වැසි ඇති වන බවත්, ඇතැම් ස්ථානවලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම, දිවයින වටා වන වෙරළ බඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය සලකා බැලීමේදී, දිවයින වටා  වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පෙන්වා දෙයි.

සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වන බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුව පවසයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p