පගා දෙන්න ආ යුනිලීවර් සමාගමට පා පහරක්

October 27, 2014

යුනිලීවර් සමාගම විසින් සතොස ආයතනය හරහා තම භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමට සතොස කාර්යමණ්ඩලයට මූල්‍යමය ත්‍යාග සහ විදේශ සංචාර ආදී අල්ලස් ලබා දෙමින් පවත්වාගෙන ගිය ගිවිසුමක් අහෝසි කරන ලෙස පාරිභෝගික අධිකාරිය විසින් නියෝග කර ඇත.

මේ බව සඳහන් කරමින් පාරිභෝගික ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වේ.

පාරිභෝගික අයිතීන් වෙනුවෙන් බහුජාතික සමාගමට සතොස පයින් ගසයි

දේශීය නිෂ්පාදකයන්ගේ භාණ්ඩ මිළදී ගෙන උසස් ගූණත්වයෙන් හා ප්‍රමිතියෙන් යුතූ නිෂ්පාදන දේශීය පාරිභෝගිකයාට සාධාරණ මිළකට ලබා දීමට මුළුමනින්ම ශී්‍ර ලංකා රජය මගින් ස්ථාපිත කර ඇති ආතයනයකි ලංකා සතොස. ශීY ලංකාවේ ක්‍රියාත්මක බ්‍රිතාන්‍ය මූලික කර ගත් බහුජාතික සමාගමක් වන යුනිලීවර් සමාගම විසින් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය ප්‍රවර්ධනය කිරීමට ලංකා සතොස හරහා ආරම්භ කළ “සතොස සූරයෝ” නම් වැඩසටහනට එරෙහිව අප විසින් 2014 ජූලි 14වන දින පාරිභෝගික කටයුතූ පිළිබඳ අධිකාරියට පැමිණිලි කරන ලදි. ඒ අනුව 2014 ඔක්තෝබර් 25 වන දින පාරිභෝගික කටයුතූ පිළිබඳ සභාව ඉදිරියේදී එම පැමිණිල්ල විභාගයට ගන්නා ලද අතර,

එහිදී, යුනිලීවර් සමාගම විසින් සතොස ආයතනය හරහා තම භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමට සතොස කාර්යමණ්ඩලයට මූල්‍යමය ත්‍යාග සහ විදේශ සංචාර ලබා දීමේ අල්ලස් ක්‍රමවේදයක් හඳුන්වා දීමත්, සතොස වෙළඳසැල් කළමණාකරුවන් වෙත යුනිලීවර් සමාගම විසින් විකූණුම් ඉලක්ක ලබා දීමත් ඒ සඳහා රුපියල් ලක්‍ෂ 60 කට වැඩි අල්ලසක්ද, රුපියල් ලක්‍ෂ 23 ක් වටිනා විදේශ චාරිකා ලබා දීමටත්, සතොස ආයතනයේ රාක්ක වල යුනිලීවර් භාණ්ඩ පමණක් පාරිභෝගික අවධානයට ලක්වන ස්ථානවල ප්‍රදර්ශනය කරන ලෙසට වූ කොන්දේසියත් මෙම වැඩසටහනින් හඳුන්වා දී ඇති බවත් මෙය සෘජුවම සතොස ආයතනය ස්ථාපිත කිරීමේ පරමාර්ථයනට පටහැණි බවත් තීරණය විය.

තවද, අසාධාරණ තරඟ විරෝධී චර්යාවක් පවත්වා ගෙන යාමට අනුබල දීමත්, පාරිභෝගික අ්‍රයිතියට බාධා කිරීමත්, සතොස සේවකයන් යුනිලීවර් සමාගමේ අල්ලසට යටත් කිරීමත්, අසාධාරණ ලාභ ඉපයීමට උත්සාහයත්, වෙළඳ ඒකාධිකාරයත් ඇති කිරීමේ උත්සාහයත් හේතූවෙන් යුනිලීවර් සමාගමේ මෙම කූට ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ යුතූ බව පාරිභෝගික කටයුතූ පිළිබඳ සභාව තීරණය කරන ලදි.

තවද මෙම වැඩසටහන වෙනත් ක්‍රමවේදයකින් ක්‍රියාත්මක වීමට ඇති හැකියාව සොයා බලන ලෙසට අප සන්ධානයේ විද්වත් කමිටු සාමාජික වෛද්‍ය පී.හේවාගමගේ මහතාගේ ඉල්ලීමට සභාව විශේෂ අවධානය යොමු කරන බවත් එවැනි දැනගැනීමක් වුවහොත් වහාම සභාව වෙත දැනුම් දෙන ලෙසත් එසේ වුවහොත් වහාම එය තහනම් කරන බවත් සභාව දැනුම් දෙන ලදි.

පාරිභෝගික අයිතීන් වෙනුවෙන් වූ අපගේ මෙම පැමිණිල්ලට සාධනීය ප්‍රතිචාරයක් ලබා දී පාරිභෝගික කටයුතූ පිළදබඳ සභාව ජනතාව වෙනුවෙන් බහුජාතික සමාගමට එල්ල කල පා පහරට අපගේ ස්තූතිය පිරිනමමු.

ඉන්දික බෙල්ප ගමගේ
ලේකම්
පාරිභෝගික ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය

Sammy

Previous story Next story

Leave a comment

t

o

p