‘වමේ පියවර’ – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වෑඩ පිළිවෙළ එලිදැක්වීම

October 21, 2014

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ 20 දින කොළඹ නව නගර ශාලාවේ දී එම පක්ෂයේ වැඩපිළිවෙළ ‘වමේ පියවර’ එලිදැක්වීම සිදුකෙරිණි.
මෙම අවස්ථාව සදහා එම පක්ශයේ දේශපාලණ මණ්ඩල සාමාජිකයින් , සහ පක්ශ සාමාජිකයින් රෑසක් සහබාගී වු අතර විවිධ සන්විදාන වල නියෝජිතයින් රෑසක්ද මෙම අවස්තාව සදහා සහභාගී විය.

වමේ පියවර’ සම්මන්ත්‍රණය අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා අදහස් දෑක්වීය.

පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාදීර ගුණතිලක මහතා විසින් ”වමේ පියවර ” පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වෑඩ පිළිවෙළ එලිදැක්වීම සිදුකෙරිණි.

වමේ පියවර සම්මන්ත්‍රණය අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා

6

එංගල්ස් පැවසුවා ම්ලේච්ඡත්වය නැතිනම් සමාජවාදය කියලා. අද ළමා අපචාර වැඩියෙන්ම සිදුවන්නේ ගෙදරදි මිනිස්සු දවස පුරා කන්න හොයනවා, කන්න දෙන්න බැරි වුණාම දරුවන් මරණවා. අන්තිමට එහෙම කලේ මලේච්ඡ යුගයේදී නීතිවල ව්‍යස්ථාවල පුංචි පුංචි වෙනස්කම් කරලා මේක වෙනස් කරන්න බැහැ. අපි සමාජවාදය කියන තැනට එන්නේ මේ නිසා. මිනිසුන්ගේ මේ ඉරණම අපි භාර ගන්නනේ නැහැ.
මනෝරාජික වෙන්නේ සමාජවාදයද ධනවාදයද? වැඩිපුර වැඩ කලොත්, හරි කියලා සමහරු හිතනවා. මීටත් වඩා මොනවද වැඩ කරන්නේ. හීනයක් හදනවා මේක ඇතුලේ වැඩ කලොත් ගොඩ යයි කියලා. ඒක තමයි මනොරාජිකත්වය.
සමාජවාදය කියන්නේ ප‍්‍රාග්ධනය වෙනුවට සමාජය වැදගත් කියන සමාජයයි. බල්ලෝ කපුටෝ වගේ මුළු දවසේම කන්න හොයන්නේ නැති සමාජයක්.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා

 

31

උතුරු මැද වකුගඩු රෝගවලින් මැරෙන මිනිස්සුන්ට වගකිය යුතු සමාගම්වලට බවර් සී. අයි. සී සමාගම්වලට කිසිඳු දඩුවමක් දීලා නැහැ. මේවා තමයි හරිත විප්ලවයේ ප‍්‍රතිඵල. ඒකම තමයි තවදුරටත් කරගෙන යන්නේ. ලංකාවේ කෘෂි කර්මාන්තයට තියෙන ප‍්‍රතිපත්තිය කුමක්ද? බීජ පනත කියල එකක් ගෙනාවා. ඒ උනත් ඒකට මතුවුන විරෝධය නිසා ඒක මේසේ අස්සේ ගහ ගත්තා.

දැන් වැඩ කරන ජනතාවගෙන් 36%ක් පැය 50 ට වඩා සතියකට වැඩ කරනවා. ඒ කියන්නේ වැඩ කරන ජනතාවගෙන් 1/3 ක්. තවත් 1/3 ක් පැය 40ත් 50 ත් අතර වැඩ කරනවා. කම්කරුවට වැටුප විතරක් නෙවෙයි ජීවිතයත් නැති වෙලා. ලංකාවේ විදෙස් කම්කරුවන්ට අත්වෙලා තියෙන ඉරණම මොකද්ද? වැඩ කරන ජනතාව ලක්ෂ 84ක ගෙන් ලක්ෂ 20 ක් ඉන්නේ පිටරට. පිටරට ඉදන් කඹුරලා තමයි මේවා කරන්නේ . ලංකාවට මෑන් පවර් සෙන්ටර් එකක් වෙලා.

එතකොට ශිෂ්‍යන්ට මොකද වෙලා තියෙන්නේ. ශිෂ්‍යයෝ අද පෞද්ගලීකරණයට එරෙහිව සටන් කරනවා. ඒකට ලැබිලා තියෙන උත්තරය මර්ධනයයි.
ලංකාවේ ඉහළම ධනපතියන් 25 දෙනා අතර වැඩි පුර ඉන්නේ මුල්‍ය සමාගම්. මේවායේ වැඬේ තමයි කෙළවරක් නැතිව ණය බෙදන එක. අවුරුදු 55 ට වැඩි ජනගහණයෙන් 1/3 ක් තවමත් ජීවත්වීම සඳහා රැකියාවන් වල නිරත වෙනවා. මේක තමයි තත්ත්වය.
මේක දේශපාලය වශයෙන් කළමණාකරණය කරන්න ආණ්ඩුව මර්ධනය භාවිතා කරනවා. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සටන් ඇති වෙනවා. ජාතිවාදය තවත් පැත්තකින් පාවිච්චි කරනවා. පෙසප මේ මර්ධනයට විරුද්ධයි. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි අපි මේ මර්ධනයට මුහුණ දෙන නිසයි. ලලිත් කූගන් සහෝදරවරුන් අතුරුදහන් කලා. කුමාර සහෝදරයාව, දිමුතු සහෝදරිය පැහැර ගත්තා.

දැන් ආණ්ඩුවට විරුද්ධව වික‍්‍රමසිංහ ගෙන එන සටන් පාඨය විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැතිවරයෙක් ගෙන ඒමයි. ආර්ථිකය සම්බන්ධ ප‍්‍රත්පත්ති කතා කරන්නේ නැහැ. නව ලිබරල් ධනවාදය සම්බන්ධව තමන්ගේ ප‍්‍රතිපත්තිය මොකද්ද කියලා කියන්නේ නැහැ.
ජවිපෙ ජනාධිපතිවරණය නීති විරේධී යැයි කියලා ඒක වර්ජනය කරනවා. විධායක ජනාධිපති ධූරය පිළිබඳව සාකච්චාවක් පසුගිය කාලයේ ඇති වුණා. අපට ඕන උනේ ඒක වේදිකාවෙන් මහ පොළවෙන් ගන්න. ජවිපෙ කතාව නිසා වේදිකාවෙන් මහ පොළවට ගේන්න තිබුණ ප‍්‍රශ්නය වේදිකාවෙන් මඩ වලට ගෙන ගියා. යම් මොහොතක සමස්ත දේශපාලනය නීතිමය තර්කයකට යට කළාම ජනතාවට හිතෙන්නේ නීති ප‍්‍රශ්න විසඳා ගත්තම වැඩේ හරි කියලා.

 

2459 431

 

14 22 21

Sammy

Previous story Next story

Leave a comment

t

o

p