කොළඹ බන්ධනාගාර ගාඩ්ලා අද වර්ජනයේ

October 7, 2014

බන්ධනාගාර නියාමකවරු කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශයන්හි අධිකරණ වෙත සැකකරුවන් ඉදිරිපත් කිරීම ඇතුළු සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්ව අද (07 වැනිදා) පෙරවරු 6.00 සිට වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කර ඈත.
බන්ධනාගාර නියාමක සංගමය ගනු ලැබූ තීරණයකට අනුව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව වර්ජනය සඳහා වැලිකඩ, කොළඹ මැගසින් සහ කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාර තුනෙහි රාජකාරි කරන රියෑදුරන් ද ඇතුළු නිලධාරීන් හයසියයක්‌ පමණ එක්‌වන බව වාර්තාවේ.

බන්ධනාගාර පරිපාලනයේ පවතින ඒකාධිපතිභාවය හා අලුතින් පිහිටුවන ලද බන්ධනාගාර බුද්ධි ආරක්‍ෂණ ඒකකයේ නිලධාරීන්ට ඉහළ සැලකිලි ලබා දීමට එරෙහිව විරෝධය දැක්‌වීම ඇතුළු ඉල්ලීම් 18 ක්‌ මුල් කරගෙන මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර නියාමක සංගමය ප්‍රකාශ කර සිටී.

මෙම වර්ජනය හේතුවෙන් අද (07 වැනිදා) කොළඹ මහාධිකරණය හා අනෙකුත් මහෙස්‌ත්‍රාත් අධිකරණවල මෙන්ම ආසන්න ප්‍රදේශවල අධිකරණයන්හි විභාග වන නඩු කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ල වීමේ අවදානමක්‌ මතුව ඈත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p