බර්ටි ගුණතිලකට ඇමති විමල් කොළඹින් නිවසක් දෙයි

September 24, 2014

අඩ සියවසකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයෙත් රසික හදවත් තුළත් නොමැකෙන නාමයක් සනිටුහන් කළ ප්‍රවීන කලා ශිල්පී බර්ටි ගුණතිලක මහතාට ප්‍රතිකාර ගැනීමේ පහසුකම් සඳහා කොළඹින් නිවසක් ඒ මහතාට ලබාදීම ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් පසුගියදා සිදුකෙරිණ.

බත්තරමුල්ල, සෙත්සිරිපාය, දෙවන මහලේ පිහිටි නිවාස අමාත්‍යාංශයේ දී මෙම නිවසේ යතුර බර්ටි ගුණතිලක කලාකරුවාට භාර දීම සිදු විය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් දෙමටගොඩ ආරාමය පෙදෙස II අදියර මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ පිහිටි  ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවසක් මෙලෙස බර්ටි ගුණතිලක කලාකරුවාගේ පරිහරණය සඳහා ලබා දී ඇත.

මේ වන විට 90 වැනි වියෙහි පසුවන බර්ටි ගුණතිලක මහතා අංක 568/A, වේරහැර, ගොඩකවෙල දරණ ලිපිනයෙහි පිහිටි ඒ මහතාගේ බිරිඳගේ නිවසේ පදිංචිව සිටි. බර්ටි ගුණතිලක කලාකරුවාගේ වයස්ගත භාවය හා ඒ මහතාගේ රෝගී තත්ත්වය සඳහා කොළඹ සිට ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව සැලසීමේ අරමුණින් මෙම නිවස ඒ මහතාගේ පරිහරණය සඳහා ලබාදී ඇත්තේ බදු පදනම මතයි.

ප්‍රාභාත් ජීවන්ත

Sammy

Previous story Next story

Leave a comment

t

o

p