ඌව ඡන්දය

September 20, 2014

ඌව පළාත් සභාව සඳහා සභිකයන් 32 තෝරා ගැනීමේ ඡන්ද විමසීම (20) පැවැත් වේ.මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 942,730කි.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි ඡන්ද දායකයන් 609,966 සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 332,764 වශයෙනි. මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 316ක සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 516ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් 617 නාමයෝජනා ලබාදී තිබුණි. ඒ මොණරාගල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් 323 සහ බදුල්ලෙන් අපේක්ෂකයන් 294 වශයෙනි. මෙවර මැතිවරණයේදී මොණරාගලින් අපේක්ෂකයන් 14 සහ බදුල්ලෙන් අපේක්ෂකයන් 18 තෝරා ගැනීමට නියමිතය.
තැපැල් ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 10.00 වන විටත් මැතිවරණ බලප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල සැප්තැම්බර් 21 අලුයම 2.00 පමණ වන විටත් මනාප ඡන්ද ප්‍රතිඵල එදින මධ්‍යහේන 12.00 පමණ වනවිටත් නිකුත් කිරීමට හැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරු විශ්වාසය පළ කරති.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p