එල්ටීටීඊ නායක ගෝබි ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

April 11, 2014

thevian_appan_gopi
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් කණ්ඩායමක් හා යුද හමුදා සාමාජිකයින් පිරිසක් අතර ඊයේ (10) රාති‍්‍රයේ වවුනියාව, නෙඩුන්කේනි, වෙඩිවෙත්තිකල්වු ප‍්‍රදේශයේදී ඇති වූ ගැටුමක දී යුද හමුදා සෙබළෙකු සහ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් යැයි කියන පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ.

වර්තමාන එල්.ටී.ටී.ඊ. නායකයා ලෙස හැඳින්වූ කජීපන් පොන්නයියා සෙල්වනායගම් නොහොත් ගෝපි නමැත්තා අත්අඩංගුවට ගැනීමට සිදු කළ මෙහෙයුමක දී මේ ගැටුම ඇති වූ බව පැවසේ. එම ගැටුම අතරතුර යුද හමුදා සාමාජිකයා ද මියගොස් ඇත. ඔහුගේ මළ සිරුර පදවිය රෝහලේ තැන්පත් කොට ඇත.

මේ ගැටුමෙන් ‘ගෝපි’ නමැති වයස අවුරුදු 32ක් වන එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරිකයෙකු හා නවරත්නම් නවනීදන් නොහොත්  ‘අප්පන්’ නමැති වයස අවුරුදු 36ක තැනැත්තෙක් සහ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරිකයෙකු බව කියන ‘දේවියන්’ නමැත්තෙකුද ජීවිතක්ෂයට පත් වී ඇති බැව් ආරංචි මාර්ග පවසයි.

මෙම ගෝපි නමැත්තා පසුගිය මාර්තු 13 වැනිදා කිලිනොචිචි ධර්මපුරම් මුසරාන්පිට්ටි ප‍්‍රදේශයේදී කිලිනොච්චි පොලිසියට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂක ගාමිණී රත්නකුමාර් නිලධාරියාට වෙඩි තැබීමත් සමග අතුරුදන්ව සිටියේය.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට ඊයේ (10)  වන්නි ආරක්ෂක සේනා කලාපයට අයත් නෙඩුන්කේනි හා පුලියන්කුලම ප‍්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කර ඇති අතර එහිදී සැකකරු ඇතුළු කණ්ඩායමක් පිළිබඳ තොරතුරු ලැබීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම ගැටුම ඇති වී තිබේ.

කජීපන් පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝපි හෙවත් කාසියන් (31) සහ නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් (36) නැමැති සැකකරුවන් පිළිබඳ වැරදි තොරතුරක්‌ ලබාදෙන අයකුට රුපියල් ලක්‍ෂ විස්‌සක් ලබාදෙන බවට ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය මීට පෙර නිවේදනය කර තිබුණි.

යාපනය, වඩුක්කොඩෙයි ප්‍රදේශයේ ද පසුගිය මාර්තු 22 වැනි දින මෙම කජීපන් පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝපි නමැති එල්.ටී.ටී.ඊ. සැකකරුවා සොයා සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණි.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p