දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරයි

June 26, 2019

ශී‍්‍ර ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගෙන ඇති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව ශී‍්‍ර ලංකා දුම්රිය සේවාවෙන් විශ‍්‍රාමගත් එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්‍ෂකවරුන් සහ මාර්ග පරීක්‍ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහන ලබන සිකුරාදා (28) ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය පැවසුවේය.

උදෑසන 9.00 ට නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී එම වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. අමාත්‍ය අර්ජුන රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගේ ඍජු අධීක්‍ෂණය සහ සහභාගිත්වය යටතේ පැවැත්වෙන එම වැඩසටහනට දැනට විශ‍්‍රාම ගෙන සිටින දුම්රිය සේවකයන්ට සහභාගි වන ලෙසද ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

t

o

p