පාස්කු ප්‍රහාර තේරිම් කාරක සභාවට කැදවලත් නැහැ යන්නෙත් නැහැ – ජනපති

June 26, 2019

ඉදිරි ජනාධිපතිවරණයට පෙර 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම රටට යහපත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අද(26) පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, එය තුළින් රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගී ඇති බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදි පැවැත් වින.

එහිදී මාධ්‍ය ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ  රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වයට සහ නායකයින් දෙදෙනෙකු ඇති වීමට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතු වී ඇති බවයි.

මීළඟ ජනාධිපතිවරණයට පෙර 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම 2020 රටට යහපතක් වනු ඇති බව ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවක් බවද ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොමැති බවත් 18 සහ 19 ව්‍යවස්ථා සංශෝධන දෙක අහෝසි කර පෙර පැවති ව්‍යවස්ථාව අනුව කටයුතු කළ හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම අමෙරිකාව සමග යෝජිත සෝෆා ගිවිසුමට ගිවිසුමට තමන් සම්පුර්ණයෙන් විරුද්ධ බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාහ කර ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථා විශාරදයින් විසින් සකස් කරන ලද්දක් ද එසේත් නොමැති නම් එය දේශපාලන මක බාස්ලා විසින් සාදන ලද්දක් දැයි තමා නොදන්න බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, 19 අහෝසි නොකර කවුරුන් බලයට පැමිණියත් ආණ්ඩු 2 ක් ඇති වන බවද ඉන් එකක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ද අනෙක් ආණ්ඩුව අරලියගහ මන්දිරයෙන් ද පාලනය වෙන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ තමා එම කාරක සභාව හමුවට කැඳවා නොමැති බවයි.

එමෙන්ම තමා ඊට සහභාගි නොවන බවද ජනාධිපතිවරයා පවසයි.

මාධ්‍ය ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම කාරක සභාව දේශපාලන නාට්‍යයක් බවත් එහි තිරපිටපත අරලියගහ මන්දිරයෙන් සකස් කර පසුදා උදෑසන පාර්ලිමේන්තුවේ දි එය රඟ දක්වන බවත්ය.

t

o

p