යුද හමුදා ට්‍රක් රථය දුම්රියේ ගැටි හමුදාවේ 5 ක් මරුට

June 25, 2019

යුද හමුදා ට්‍රක් රථයක් අද(25) දහවල් කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් යුද හමුදා සාමාජිකයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇත.

කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසූවේ 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ට්‍රක් රථය ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවයි.

කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ අදාළ පිරිස ගැටී ඇති අතර යුධ හමුදා හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති  බවද ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

මියගිය පිරිස හා බරපතළ තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසයි.

t

o

p