වීදි සුනඛයින් 700 කට දුන් මහා දානය

June 24, 2019

අනුරාධපුර පූජා නගරය ආශ්‍රීතව වෙසෙන 700 ක් පමණ වන නිවාස අහිමි සුනඛයන් සඳහා පෝෂ්‍යදායි විශේෂ ආහාර වේලක් ප්‍රදානය කිරීම පසුගිය ජූනි 22 සෙනසුරාදා අනුරාධපුර රුවන්වැලි මහ සෑ ධර්ම ශාලාවේදී පැවති වීදි සුනඛ පැනයට මිනිසත් විසඳුම් අවිහිංසාවාදී කතිකාවට සමගාමීව එදින දහවල පුරා සිදු කරන ලදී .

65318343_2335033986744554_4501711443783057408_n 64768654_2335033873411232_6544298465562722304_n 64780874_2335034280077858_589523680585842688_n 65001495_2335033803411239_7864976517963448320_n 65052391_2335033820077904_7116706031459106816_n

විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ , විශේෂඥ වෛද්‍ය රූමි රූබන් , වෛද්‍ය සුගත් විජේවර්ධන, ඉන්දිකා ද සිල්වා යන අහිංසා ශ්‍රී ලංකා විධායක සභිකයන්සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන්, රේණුකා ගමගේ , මංගලා සුරවීර , ලිච්චවී විජේකෝන් , නිර්මලා කුමාරි සේනාරත්න, උත්පලා සුභාෂිනී ජයසේකර ,සඳුන් මදුශංඛ , දීප්ති සිල්වා, සහ සුමේධ ජයසේකර යන අහිංසා ශ්‍රී ලංකා යාවජීව සාමාජික සාමාජිකාවන් විසින් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයන ලදී.
අහිංසා ශ්‍රී ලංකා සමාරම්භක විධායක සභික තිලක් සේනාසිංහ සමග මුතුබණ්ඩා දසනායක සහ සහන් සංකල්ප සිල්වා යන අහිංසා ශ්‍රී ලංකා විධායක සභිකයන් විසින් සිදුකරන ලද අතර මෙහි සංවිධාන කටයුතු වල සිට දානය බෙදීම දක්වා වන සියලු කාර්‍යන් සඳහා වෛද්‍යපද්මා බණ්ඩාර සහ පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා යන අහිංසා ශ්‍රී ලංකා විධායක සභික දෙපළද සහභාගි වූහ. අනුරාධපුර සුනඛ මිතුරු සංසදයේ සභාපති නීතිඥ හේරත් බණ්ඩා රත්නායක මහතාද මෙහි සංවිධාන කටයුතු සඳහා විශේෂ අනුග්‍රයක් දැක්වීය.

t

o

p