ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රි ලංකා සංචාරය අවලංගු කරයි

June 19, 2019

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය නොවැලක්විය හැකි හේතුවක් මත අවලංගු කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

එහි දැක්වෙන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ ජපානයේ G20 සමුළුවට සහභාගී වීම සඳහා යාමට සිදුවී ඇති බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බවය.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 24 වන දා සිට 30 වන දා අතර කාලය තුළදී සැලසුම් කර තිබූ ආසියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේද සංචාරය කිරීමට නියමිතව තිබිණි.

t

o

p