ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද ඒකාබද්ධ සැලසුම් මාණ්ඩලික වැඩමුළුව

March 31, 2014

Multinational Planning Augmentation Team (MPAT)“ටෙම්පස්ට් එක්ස්ප්‍රස් – 24 ” දින 09ක් පුරා ශ්‍රී ලංකාවේ දී

ඇමරිකා එක්සත් ජනපද පැසිපික් ආඥා බලප්‍රදේශ මූලස්ථානයේ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන “ටෙම්පස්ට් එක්ස්ප්‍රස්- 24”මාණ්ඩලික වැඩමුළුව හෙට (01) සිට 09 වැනි දා දක්වා කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වේ.

මෙම ජාත්‍යන්තර වැඩමුළුව සඳහා ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 23 දෙනෙකු ද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් නිරීක්ෂකයන් 21 දෙනෙකු ද  සහභාගී වේ.  ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන් 20 දෙනෙකු ද, වියට්නාමය, කැනඩාව, බංගලාදේශය, ඕස්ට්‍රේලියාව, පිලිපීනය, නවසීලන්තය, නේපාලය, මාලදිවයින, කාම්බෝජය, ඉන්දුනීසියාව, මලයාසියාව, මොංගෝලියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ජපානය නියෝජනය කරමින් විදෙස් නියෝජිතයන් 26 දෙනෙකු ද සහභාගී වීමට නියමිත ය.

හෙට පෙරවරු 08.30 පැවැත්වෙන සමාරම්භක උළෙල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ජගත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, අප්‍රේල් 09 දින පෙරවරු11.00ට පැවැත්වෙන සමාප්ති උළෙල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.  ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මිෂෙල් ජේ. සීසන් මහත්මිය විශේෂ ආරාධිත ඇමරිකානු නියෝජිතවරිය වශයෙන් සහභාගී වනු ඇත.

ආසියා – පැසිපික් කලාපයේ හදිසි ආපදා තත්ත්වයක් හෝ වෙනත් හදිසි අවශ්‍යතාවක දී අන්‍යෝන්‍ය සහයෝගයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වන සහයෝගිතාව සහ හැකියාව වර්ධනය කර ගැනීම මෙම වැඩමුළුව තුළින් ලැබෙන විශේෂ ප්‍රතිලාභයක් සේ සැලකේ.

 

The Editor

Previous story Next story

Leave a comment

t

o

p