බස්නාහිර ආණ්ඩුකාර ලෙස ඒ.ජේ.එම් මුසම්මිල් දිව්රුම් දෙයි

June 4, 2019

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කර තිබේන අතර ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ඊට පෙර සේවය කරමින් සිටියේය.

මේ අතර, මැලෙසියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් ඒ මහතා කටයුතු කර තිබේ.

ඊයේ(03) දිනයේ දී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සිටි අසාද් සාලි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මෙම ධූරය පුරප්පාඩු විය.

පසුගිය මැයි මස 31 වන දින සිකුරාදා දිනයේ දී රතන හිමියන් විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය එම තනතුරුවලින් ඉවත් කරන ලෙස සහ සිංහල මව්වරුන් වඳභාවයට පත්කළැයි පැවසෙන මොහොමඩ් ෂාෆි ඇතුළු වෛද්‍යවරු පිළිබඳ විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට බල කරමින් මෙම උපවාසය ආරම්භ කළේය.

ඒ අනුව ඊයේ දිනයේ දී අසාද් සාලි මහතා හා නැගෙනහිර පළාත් අණ්ඩුකාර  එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත බාරදෙනු ලැබීය.

t

o

p