පාස්කු ප්‍රහාරයට දුරකතන 1800 ක් ගැන පරික්ෂණ

May 30, 2019

පසුගිය අප්‍රේල් මස 21 දින සිදුවු බෝම්බ ප්‍රහාරයන් හා සම්බන්ධයෙන් බෝම්බකරුවන් පාවිච්චි කල දුරකථන අංක 1800 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන අරඹා තිබේ.

කොළඹ අද (30) පැවති, ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ බව පැවසීය.

එහිදී ප්‍රහාරකයින් විසින් භාවිතා කල දුරකථන අංක ඇතුළුව වරින් වර භාවිතා කරන ලද හා වෙනත් අංකයන් සමඟ සබඳතා පැවැත් වු මෙම දුරකථන අංක සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණය කරමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p