පාස්කු ප්‍රහාරය ගැන සොයන කමිටුවට කාවින්ද වෙනුවට රාජිත

May 24, 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන්  කාවින්ද ජයවර්ධන මහතා ඉවත් වීමත් සමඟ එම සාමාජිකත්වය සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත් කර තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතා නිවේදය කළේ ඊට අමරව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද එම තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කර ඇති බවය.

තමන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉවත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද (24) උදෑසන පැවසීය.

අපෞද්ගලික හේතුවක් මත තමන් මෙම තීරණයට එළැඹි බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සලකා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් කථානායකවරයා විසින් ඊයේ (23) ප්‍රකාශයට පත් කළේය.

t

o

p